Thursday, March 31, 2016

තලවකැලේ ගියහැටි....



නෙලුම් යායේ සම්මාන දිනපු සොයුරු සොයුරියන් හැම දෙනාටත් අජිත් අයියා, කලාහිත ඇතුළු සංවිදායක මණ්ඩලයේ සැමටත් ගං කුකුළා ගේ උත්තමාචාර පිළිගන්වනවා...ඩිසුම් .....ඩිසුම් ....


* ඒ ආචාර වෙඩිමුර බව කරුණාවෙන් සලකන්න...!!!.


තලවකැලේ ගියහැටි

මේ සිද්දිය වෙත්දී මම හිටියේ දහයේ පන්තියේ. ජනවාරි මාසේ දෙවෙනි තුන්වෙනි සතියක දවසක්. දහයේ පංතියට අළුතෙන් කොල්ලෙක් එනවා කියල දොළහ වසරේ කොල්ලෝ සෙට් එකක් ඇවිත් අපිට කිව්වා. මූ වෙන ඉස්කෝලෙකින් ලව්  කේස් එකක් දාගෙන අස්කරපු එකෙක්. මුන්ගේ තාත්තා ලි බිස්නස් කරන හෙන දළකාරයෙක් මුල ඉඳලාම හදාගත්තේ නැත්නම් උඹලට ලේසි වෙන්නෑ කියල කිව්වා.මුට පාටියක් දෙන්ඩ ඕනේ කියල උන් කිව්වා.දහයේ පංති තුනක් තිබුණ නිසා ඉතුරු පංති දෙකට මේ හොට් නිව්ස් එක දෙන්ඩ කීප දෙනෙක්ම ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.
ඒ කථාව ඇහුවට පස්සේ අපිත් හිටියේ මුව ටිකක් මඩවලා ගන්ඩඕනේ කියන මතයේ තමයි. අපේ පැත්තේ ලි මුදලාලිලා කැලේ ගස් කපලා මොරටු ගෙනිහින්  හොද ගානක් හම්බ කරා. ගොඩක් වෙලාවට කැලෙන් ගස් කපලා ඒවට හොරට පර්මිට් හදල ලොරි වලින් මොරටුවට අරං ගියා. නැත්නම් හොරට කපාපු ගස්  පහුරු වගේ එකට බැඳලා ගඟේ  අරන් ගියා. මේවා කරන්ඩහැමෝටම බැ, පොලිසිය වගේම පළාතේ දෙසපාලක්යින්ගේත් අනුග්‍රහය ඕනේ.
ඔන්න ටිකකින් අපි දැක්කා අපේ පන්තිබාර ටීච එක්ක ටිකක් උස මහත කොල්ලෙක් බෑග් එකකුත් කරේ දාගෙන එනවා.දැන්නම් අපිට ෂුවර් මු දාල තියෙන්නේ අපේ පංතියට කියලා. ටීච පංතියට ඇවිත් මේ සමන් අද ඉදලා ඔයාලත් එක්ක මේ පන්තියේ ඉගෙණ ගන්නවා. මෙයාට ඉඳගන්ඩ තැනක් දීලා අපි කරපු පාඩම්වල සටහන් පොත් දෙන්ඩ ලියාගන්ඩ කියපු ටීච වෙන පංතියකට ගියා.
මුගේ මුණ බැලුවහම පැනියෙක් බව හොදට පේනවා. කොන්ඩේ ඉස්සරහින් බම්ප් එකක් තියල  උඩට පීරලා තිබුණා. ඒ කාලේ දැන් වගේ රැග් තිබුණේ නෑ, අපි මුළින්ම ඕලෙවෙල් කට උඩ ඉස්කෝල මාරු කළේ මොකද කියල ඇහුවා, කළින්ම විස්තර දැනගෙන හිටපු නිසයි ඇහුවේ, මු කියනවා ඒ ඉස්කෝලේ මද්‍යමහා විද්‍යාලයක් උනාට උගන්වනවා හොද නෑ කියලා. මේක අහපු අපේ එකෙක් අඩෝ තෝ බොරු කියන්ඩ එපාකියල අපිට කලින් කියපු විස්තරයට අතිනුත් දාල කිව්වා, මු ඊට පස්සේ වැඩි කථාවක් නැතුව හිටියා. පස්සේ එකොළහේ පංතියේ කොල්ලෝ ටිකක් ඇවිත් මුගේ කලිසමේ කකුලක් නවාගන්ඩ කියල පොත් බෑග් එක ඔළුව උඩින් තියාගන්ඩ කියල  පුටුවක් උඩ නග්ගලා පන්සිල් කියෙව්වා. දැන් මේ නාට්ටිය බලන්ඩ අල්ලපු පංතිවල උණුත් ඇවිත් වට උනා. පස්සේ මුව කැන්ටිම එහා පැත්තට එක්කයමු කියපු එකොළහේ පංතියේ සෙට් එක මුවත් ඇදගෙන පංතියෙන් එළියට ආව. අපිත් ඇන්ටෙනා හයි කරන් කොයි වෙලේ ප්‍රින්සිපල් එයිදෝ කියල හිතහිතා පස්සෙන් ගියා.
ඉස්සෙල්ලාම පුස් අප් ගහන්ඩ කිව්වා. “ඩිප්ස් දහයක් ගහපියඑකෙක් කෑගැහුවා. සමනත් ගානක් නැතුව ඩිප්ස් ගහනවා. “අඩෝ ගණන් කරපියතව එකෙක් කෑගැහුවා. සමන් පහයිකියල ගනින්ඩ ගත්ත විතරයි එකොළහේ පංතියේ එකෙක් යකෝ තොපේ ඉස්කෝලේ ඉගැන්නුවේ ඔහොමද
එකේ ඉදල ගැනහන් කියල ආයෙත් මුල ඉදලාම ඩිප්ස් ගැස්සුවා. සමන්ගේ මුණ රතුවෙලා ඉහෙන් කණින් දාඩිය දාන්ඩ ගත්තා.
ඩිප්ස් ගහල ඉවරනම් තලවකැලේ ගිහිං වර කියල අතුලයා කිව්වා. ඌ ඉස්කෝලේ  කැඩෙට් එකේ හිටපු කොල්ලෙක්. කොන්ඩේ ආමි කට් කපලා, මුණ අව්වටම පිච්චිලා කළුවෙලා තිබුණේ.
සමන් කියන කියන හැමදේම කළත් මෙකෙදිනම් බොහොම බයාදු විදියට අතුල දිහා බලා හිටිය. අපිත් මේ මොකක්ද මු කියන්නේ කියල බැලුව, ඇත්තටම අපිත් දැනගෙන හිටියේ නැ මේ මොකක්ද කියලා.
කැන්ටිමේ පිටිපස්සේ මාන පඳුරු  අඩි පහ හයක් උසට වැවිලා තිබුණේ, මේ කැලෑවට අත දික්කරපු අතුල
පළයන් ඔහොම්මම ඉස්සරහට කැලේ තලා ගෙනමකියල කෑගැහුවා.
මාන පැදුරුවල බුව ගෑවුනහම කසනවා, ඔය ගස් අස්සේ නයි පොලොන්ගුත් ඉන්ඩ පුළුවන්, එදා සමන්  තලව කැලේ යනකොට බලන් හිටපු හැමෝම හිනා උනා.ඒත් දැන්නම් ඒක හරිම බාල වැඩක් කියල තමයි හිතෙන්නේ. කොහොම හරි පහුවදා වෙනකොට මේ සිද්දි ප්‍රින්සිපල්ට දැනගන්න ලැබිලා තිබුණා. අපේ පංතියේ පිරිමිලමයි හැමෝම ප්රින්සිපල්ගේ ඔපිස් එකට ගෙනිහින් තදින්ම අවවාද කළා. එකොළහේ පංතියේ කීපදෙනෙකුට ගෙදරින් වැඩිහිටියෙකුත් එක්ක එන්ඩ කියල කියල තිබුණා. මේ වගේ වෙලාවට මේ මදාවි කොල්ලන්ට දෙවිකෙනෙක් වගේ පිහිටට එන්නේ තුසිත හෝටලේ වික්‍රම මාම. සමහරක් ළමයිගේ දෙමව්පියෝ වුනේ දවසේ කුළියට තැන් තැන්වල වැඩට යන මිනිස්සු.ටවුමේ  වික්කේ මාමලාගේ තේ කඩේට තමයි කොල්ලෝ පණිවිඩේ තියන්නේ, වික්කේ මාම ගානට වැඩේ කතාකරලා දෙනවා.එයාටත් ගානක් තියාගෙන. ටවුමේ ඉඳලා  ඉස්කෝලෙට විනාඩි පහක් විතර යනවා පයින් යන්ඩ, මේ කාලය යොදා ගත්තේ නාට්‍යයේ දෙබස් පුහුණුවට. නම ගම කියල දීල අහන ප්‍රශ්නවලට කෙටි උත්තර දෙන්ඩත් පිනා ඉදිරියේ සමාව ඉල්ලලා  බැගෑපත් වෙන ආකාරයත් කියල දෙනවා. ගොඩක් වෙලාවට රංගනය සාර්ථකයි හැබැයි සමහරක් අදි රංගනයක දෙන්ඩ ගිහිං නාගන්න වෙලාවලුත් තියෙනවා. ඒ ඉතිං වාචාල කටවල් තියෙන ඩයල් එකක් සෙට් උනොත් තමයි.
මාසයක් විතර ගියහම සමන් පංතියේ විතරක් නෙවෙයි ඉහළ පන්තිවලත් ප්‍රසිද්ද උනා.ඒ  ඉගෙනිමටවත් සමිතිවල වැඩවලටගිහිංවත් නෙවෙයි, කෙල්ලන්ට ලයින් දාන කාපාලු සෙට් එකට එකතුවීම නිසා. පංතියේ අනික් ළමයිට වඩා පැහැපත් ඇඟක් තිබුණ සමන් හැමෝම එක්ක හිනා වෙලා කතාබහ කරා.
දවසක් උදේ අපේ පංතිය තියන තට්ටු දෙකේ බිල්ඩිමේ පඩිපෙළ ළග හිටපු අපේ සෙට් එක මාර කථාවක් කිව්වා.
අඩෝ අළුත්ම නිව්ස් එක දන්නවද? එකෙක් ඇහුවා.
මොකක්ද බං සමාජ අද්යනය ටිචට බබෙක් හම්බෙලාද? ඒත් වැඩක් නෑනේ බං දැන් ආවත්  සිලබස් කවර් කරන්ඩ දැන් පුළුවනයි
සමාජ අද්‍යනය උගන්වපු ටීච නිවාඩු ගියේ විබාගෙට මාස කීපයක් තියෙද්දී.
පිස්සුද බං ටීච ආවේ නැ, උබ පංතියට ගිහිං පොත්ටික තියල ටිකක් හයියෙන් හැමෝටම ඇහෙන්ඩ ඌයි සමන් නියපොත්තකියල කියපන්කො කියල කව්වා. මම පංතියට යනකොට සමනා පංතියේ හිටියේ නැ. ඒත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම අපේ පංතියේ මල්කාව බයිට් කරමින් හිටියා.
සමනුයි බි පංතියේ කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙක් එක්ක ෆිල්ම් එකක් බලන්ඩ ගිහිං එතනදී මල්කා  කියපු දෙයක් මුන් දෙන්නගෙන් කව්රු හරි කොල්ලොත් එක්ක කියලා, එකෙන් වැඩේ මාට්ටු උනා.
ඕලෙවල් පාස් නොව්නත් සමන් හොඳ ව්‍යාපාරිකයෙක් උනා, තාත්තා වගේ ගස් බිස්නස් නොකළත් සිල්ලර බඩු කඩවලට හැමෝම බඩු ගන්ඩ යන්නේ සමන්ගේ තොග බඩු කඩේට.සේවකයින් කීපදෙනෙක් හිටියත් හැමෝම එක්ක සුහදව කථා බහ කරන නිසාත් එකම වර්ගයේ බාන්ඩ තුනකට වැඩිය ගන්නවානම් ඩිස්කවුන්ට් දෙන නිසාත් මාසෙට ඕන කරන සිල්ලර බඩු එකපාර ගෙනාවම පහසු නිසාත් සමන්ගේ තොග බඩු කඩේ ගොඩක් ප්‍රසිද්ද උනා..


  

24 comments:

  1. අරු කෙල්ලගේ නියපොතු කාලද

    ReplyDelete
    Replies
    1. මොකද්ද මිරිකන්ඩ ගිහින් නියපොත්ත වැදිලා.

      Delete
  2. “ඌයි සමන් නියපොත්ත”..

    හික් හික්.. ඔය වගේ කාඩ් වැදුනම ආයි ලොවෙත් ගැලවෙන්නේ නෑ.. ඕ ලෙවල් ඉවර කරලා අවුරුදු 25 කට කිට්ටු උනත් අපේ පන්තිවල කෙල්ලොන්ට කොල්ලොන්ට ගහපු කාඩ් ගැන කියා කියා තවමත් ළමයින්ගේ දහම්පාසලේදී හම්බ වෙලත් හිනා වෙනවා.. :)

    සමනා හොඳ PR එකක් තියෙන කොල්ලෙක් වගේ..

    ස්තුතියට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ, අපි A - L කරද්දී මු කඩේ වැඩ කරලා තැපැල් 90කුත් අරන්.

      Delete
  3. ඇති උඹල පස්සෙහරි සමන්ගෙන් ගුටි නොකා බේරිච්ච එක.

    ReplyDelete
    Replies
    1. ඌට කියලා දියං නියපොතු සෙල්ලම් නොකරන්න.

      Delete
    2. ඌ ට කියල දෙන්ඩ දෙයක් තිබුණේ නෑ, අපි උගෙන් ඉගෙන ගත්ත..

      Delete
  4. සමන්ව දාලා කියන්නේ කුකුල් කොටුවේ කතාවද මන්දා......

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අපි අලි අහිංසක බෝ ගස්...

      Delete
  5. හම්මේ ඒ කාලේ මතක් වෙද්දි ඇඩෙනවා බං..........

    ReplyDelete
    Replies
    1. සිරාවටම, ඉස්සර ජොබ් කරන්ඩ යනවුන් දිහා බලල හුල්ලනවා...

      Delete
  6. රැග් ගැන නම් කතා කරලා වැඩක් නෑ :(

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද, ඒත් දැන්නම් අහන දකින රැග් බයානකයි..

      Delete
  7. ඒ උඹේ තොග බඩු කඩේ කොහෙද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ නියපොත්තත් කුකුළගේ.. තොග බඩු කඩෙත් කුකුළගේ.
      තලවකැලේ යන්න ඇත්තේ කුකුළ තමයි...

      Delete
    2. පිස්සුද බොස් මම කරන්නේ කුකුල් කොටුවක්නේ...

      Delete
    3. මෙන්න නිර්මාණිත් කුකුලගේ චරිතේ ගාතනය කරනෝ....

      Delete
  8. අම්මේ....රැග්...මතක් කරන්නෙපා..මේ දවස් වල අපිත් සෑහෙන්න අත්විදිනවා අයිෂු...

    ReplyDelete
    Replies
    1. රැග් එකත් ලිමිට් එකකට කරනවානම් සුන්දරයි.

      Delete
  9. මටත් ලගදීම රැග් කන්න වෙනවා. මොනවා කරන්න වේවිද?

    ReplyDelete
    Replies
    1. බිය නොවන්න අයියන්ඩි මැරෙනා සැටි මම පෙන්වමි කියල මුහුණ දෙමු,

      Delete
  10. චික්. මුං අර අහිංසක සමනයට කරලා තියෙන දෙයක්. වෙන මොකවත් නෙමෙයි . ඕක පැහැදිලි ඉරිසියාව. හා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අනිවා, ඕක අපේ ඉහළ පංතිවල උන්ගේ ඇරියස් කවර් කිරිල්ලක්...සමන් අපේ ඉස්කෝලේ කෙල්ලෙක් පස්සේ ඇවිත්,උන්ගේ අයිය කොල්ලෝ සෙට් එක එවල..

      Delete
  11. ඔන්න ටිකක් පරක්කු වෙලයි මේ පැත්තට එන්න උනේ.

    ReplyDelete