බ්ලොග් අවකාශයේ සුපිරි තරු දෙකක් අතර මත ගැටුම ආරවුලක් බවට පත්වුයේ ඇනොවෙකුගේ කමෙන්ටුවක් නිසාය. සමහර බ්ලොග් ලියන්නෝ මුළින්ම ඇනෝ කමෙන්ට් කිරීමට නොහැකි වන ලෙස සකසති. මගේ පුද්ගලික මතය නම් ඇනොලාද සිටිය යුතුය යන්නයි. සමහරු බ්ලොග් ලියන්නේ තමන්ගේ නියම නමෙනි. සමහරුන්ගේ බ්ලොග් ප්‍රොෆයිල් නම බොහෝ දෙනෙක් හදුනති. මෙවැනි විටකදී තමන්ගේ හිතට එකගව අදහස් ප්‍රකාශ කිරීමට අපහසු නම් එහෙත් අදහස දැක්වීමට අවශ්‍යම බවක් දැනෙයි නම් ඇනෝ ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීම ලියන්නාටත් කියවන අයටත් ප්‍රයෝජනවත් වේ. එසේම මාද්‍ය නිදහස ගැන බැලුවත් ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදීම සුදුසුය.
එහෙත් බොහෝවිට සිදුවන්නේ මෙසේ ප්රෝෆයිලයක් නැතුව පැමිනෙන්නෝ
බ්ලොග් කරුට අපහාස කිරීමයි. සමහර විහිළු සපයන ඇනොලද නැතුවා නොවේ. කුකුලාටනම් ඇනෝ
ගැසීමට අවශ්‍ය නොවන්නේ කුකුළා කොහොමත් ෆේක් නිසාය. එහෙත් කිසිවෙකුටවත් හිත රිදවන
කමෙන්ට් දාන්නේ නැත්තේ බ්ලොග් කරුවෝද කලාකරුවන් මෙන් සොදුරු සිත් ඇති සංවේදී
පිරිසක් කියා කුකුළාට සිතෙන බැවිණි. කුකුළනම් කිසිදිනක ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන්නේ
නැත. ඇනෝ ලෙස ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීමට ඔවුන්ටත් අයිතියක් ඇතයි මට සිතේ.
වැඩ ගොඩවී ඇති
නිසා මේ දවස්වල පෝස්ට් එකක් ලියාගන්නට නොහැකි විය. පහළින් ඇති කවියක් වගේ එකත්
කියවලා ඔහෙලගේ අදහසුත් ලියාගෙනම යනවනම් සතුටුය...
පිං කිරීම.....
ගල් පිළිම බොල් වෙහෙර
පිං පෙට්ටි ඉදිරියේ
පහේ කැට දහයේ කොල
උඩ පනීයි හැබිළියේ
පොඩි දරුවෝ අතපායි
ටවුමේ බස් හන්දියේ
දෙස් දෙවොල් තිය තියා
කොල්ලන්ට සනුහරේ
උපාසක අම්ම අපෙ
පින්කරයි පංසලේ....
Have a Nice day Bloggers...