Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Showing posts with label මට හිතෙන හැටි. Show all posts

Friday, July 22, 2016

එකල්හි හොරු, මෙකල්හි විරු!!!



  එකල්හි හොරු
 මෙකල්හි විරු
  නොඑන්නේද මරු
  සොයා පල් හොරු ?

දිනක් මම අම්මාද සමග පොළට ගියේ සතියකට සෑහෙන එළවළු හා කරවල ගෙන ඒමටයි. සුපුරුදු පරිදි පොළට ඇතුල්වන තැන සිට වෙළෙන්දන්ගේ මිළගණන් හා එළවළු වල තත්වය පිරික්සමින් අම්මා මිනිසුන් පීරාගෙන එක අතකින් මාවද සුරැකිව අල්ලාගෙන ඉදිරියට ඇදෙයි. ඇය පළමූ වටයේදී කිසිවක් මිලදී නොගනී.එළවළු වෙළෙන්දන් අතර මිනිසුන් ගමන් කරන පාරේ හිදගෙන සිටින අලි කකුලක් වැනි විශාල වූ කකුලක් ඇති හිගන්නා තවමත් මට මතකය.මොහු බරවා රෝගියෙකයි මම සිතමි. ඇය තම මුදල් පසුම්බියෙන් ගත් මාරු කාසියක් මොහුට දෙයි, හරියටම ඒ කොපමණ මුදලක්දැයි හරියටම මතක නැතත් ඒ ශත විසිපහක් හෝ ශත පනහක් වියයුතුය.

අප සුපුරුදු ලෙස පළවෙනි වටය නිමකර අද කොටුවෙන් කැඩුවා වගේ පේන බෝංචි විකුණන වෙළෙන්දෙකු දෙසට හැරුණා පමණි. වීදී නාට්‍යක නළුවන් පදිකයන් අතරින් මතුවෙනවා සේ අප ඉදිරියට ආවේ වයස හතලිස් පහක් පමණ වන කැහැටු සිරුරක් ඇති සිගන්නෙක් මෙන් පරණ වූ කමිසයක් හා සරමක් හැදගත් පුද්ගලයෙක් හා පොලිස් නිලධාරින් තිදෙනිකි. එක් අයෙකුගේ ස්වබාවයෙන් ඔහු අනෙක් දෙදෙනාට වඩා ඉහළ නිළයක් දරන්නෙකු බව වැටහිණි. අනෙක් දෙදෙනාගෙන් එකෙකුගේ අත බැටන් පොල්ලකි. අනෙකා හිගන්නා වැනි මිනිසාට අණ කරයි.
“උස්සගනින් කෙසෙල් කැන කරට”
මහළු මිනිසා ඇවිදින විට තියන පියවරක් පාසා කකුල් ගැස්සෙයි. පසුව දැනගත් පරිදි එයට හේතුව යටිපතුල් වලට පහර දීමයි. එකවර ඔහුට කෙසෙල් කැන උසුලා ගැනීමට නොහැක. මෙයින් කෝපයට පත්වන අණ දෙන්නා මහල්ලාගේ පිටට වැරෙන් පහරක් ගසයි. පහරේ සැරට වාරු නැතිව යන මහල්ලා කෙසෙල් කැන උඩම ඇද වැටෙයි.
“නැගිටපිය පරයා තොට මහරෑ අනුන්ගේ වතුවලින් කෙසෙල් කැන් කපන්ඩ පුළුවන් දැන් මේක උස්සා ගන්ඩ බෑ” කියමින් වැටී සිටින මිනිසාට පයින් අනියි. පසුව කෙදීරිගාමින් නැගී සිටින අසරණයා කෙසෙල් කැන කරට ගනියි.
කියපිය මම ***** පෙරේරා ඇමති තුමාගේ(මොහු එවකට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකි.) වත්තේ කොටුවෙන් ( මෙය ආණ්ඩුවේ ඉඩමක් බලෙන් අල්ලාගත් එකකි) ඊයේ රැ කෙසෙල් කැනක් කපලා අහුඋනා” කියලා. පොලිෂ් බල්ලා වෙළෙන්දන්ගේ හඩ යටපත් කරමින් කෑගසයි.
මහල්ලා කෙසෙල් කැනත් කරේ තියාගෙන ගැස්සෙමින්  දෙපසට පැද්දෙමින් පොළ වටා යයි.ඔහුට පිටුපසින් බැටන් පොල්ල ලෙළවමින් එක පොලිස් බටයෙක්ද අනෙක් බටයා හා නිලදාරියාද වෙන්ව ගමන් කරයි.
“කියාපිය මම ආයේ මේවගේ හොරකං කරන්නේ නෑ කියල” නිලධාරී පෙනුමක් ඇත්තා  ගොරවයි.
ඒ එක්දහස් නවසිය අසු ගණන් වල මුල භාගයේ සිදුවූ සිදුවීමකි.

 ගිය සතියේ පුවත් පත් වාර්තා කර තිබුණේ හොරකං කර අසුවී බන්දනාගාර ගතවීම යනු රටේ ජනාදිපති වීමට සුදුසුකමක් බවය. එසේම දැන් හොරුන් බන්දනාගාරයට යන්නේ මාංචු දැමු දෑත් ඉහළට ඔසවා මහත් අබිමානයකිනි. අප ශ්‍රී ලංකා මාතාවගේ භුමිය වෙනත් රටකට උගස් කර එයිනුත් නොනැවතී ඒ සදහා අල්ලසක්ද ගත් අමනුස්සයෙකුව බන්දනාගාරයේ සිට පැමිණියේ වහලුන්ගේ කරමතින් හා ඔවුන්ගේ උම්බෑ හඩ (ජයඝෝෂා) මධ්‍යයේය..
කාලය කෙතරම් නපුරුද? අකුරු කියවීමේ හැකියාවටත් වඩා පරිඝනක සාක්ෂරතාවය ඉහළ මේ අසිරි ලංකාවේ බත් කන හරකුන් වැඩිවන්නේ කුඩා කළ මව් කිරි නොව ගොන් කිරි බොන නිසාද? දැන දැන පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොදන්නාසේ ගොනාට අඳිනවාද? අසිරි ලංකාවේ අම්බරුවන්ව අන්දවනවා ද!!!!!!



Tuesday, June 21, 2016

බ්ලොග් විරුවෝ හා ඇනෝ ගසන්නෝ


බ්ලොග් අවකාශයේ සුපිරි තරු දෙකක් අතර මත ගැටුම ආරවුලක් බවට පත්වුයේ ඇනොවෙකුගේ කමෙන්ටුවක් නිසාය. සමහර බ්ලොග් ලියන්නෝ මුළින්ම ඇනෝ කමෙන්ට් කිරීමට නොහැකි වන ලෙස සකසති. මගේ පුද්ගලික මතය නම් ඇනොලාද සිටිය යුතුය යන්නයි. සමහරු බ්ලොග් ලියන්නේ තමන්ගේ නියම නමෙනි. සමහරුන්ගේ බ්ලොග් ප්‍රොෆයිල් නම බොහෝ දෙනෙක් හදුනති. මෙවැනි විටකදී තමන්ගේ හිතට එකගව අදහස් ප්‍රකාශ කිරීමට අපහසු නම් එහෙත් අදහස දැක්වීමට අවශ්‍යම බවක් දැනෙයි නම් ඇනෝ ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීම ලියන්නාටත් කියවන අයටත් ප්‍රයෝජනවත් වේ. එසේම මාද්‍ය නිදහස ගැන බැලුවත් ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදීම සුදුසුය.
එහෙත් බොහෝවිට සිදුවන්නේ මෙසේ ප්‍රෝෆයිලයක් නැතුව පැමිනෙන්නෝ බ්ලොග් කරුට අපහාස කිරීමයි. සමහර විහිළු සපයන ඇනොලද නැතුවා නොවේ. කුකුලාටනම් ඇනෝ ගැසීමට අවශ්‍ය නොවන්නේ කුකුළා කොහොමත් ෆේක් නිසාය. එහෙත් කිසිවෙකුටවත් හිත රිදවන කමෙන්ට් දාන්නේ නැත්තේ බ්ලොග් කරුවෝද කලාකරුවන් මෙන් සොදුරු සිත් ඇති සංවේදී පිරිසක් කියා කුකුළාට සිතෙන බැවිණි. කුකුළනම් කිසිදිනක ඇනෝ කමෙන්ට් බ්ලොක් කරන්නේ නැත. ඇනෝ ලෙස ඇවිත් හෝ තම අදහස ප්‍රකාශ කිරීමට ඔවුන්ටත් අයිතියක් ඇතයි මට සිතේ.
 වැඩ ගොඩවී ඇති නිසා මේ දවස්වල පෝස්ට් එකක් ලියාගන්නට නොහැකි විය. පහළින් ඇති කවියක් වගේ එකත් කියවලා ඔහෙලගේ අදහසුත් ලියාගෙනම යනවනම් සතුටුය...

පිං කිරීම.....

ගල් පිළිම බොල් වෙහෙර
පිං පෙට්ටි ඉදිරියේ
පහේ කැට දහයේ කොල
උඩ පනීයි හැබිළියේ
පොඩි දරුවෝ අතපායි
ටවුමේ බස් හන්දියේ
දෙස් දෙවොල් තිය තියා
කොල්ලන්ට සනුහරේ
උපාසක අම්ම අපෙ

පින්කරයි පංසලේ....


Have a Nice day Bloggers...

Friday, June 10, 2016

මොහොතක් ඔය පාට කන්නාඩිය ගලවා අවට බලමුද?



උපතින්ම බවුද්දයෙක් බැවින් කුකුළා පොඩි කාලයේ සිටම ජාති වාදියෙක් විය.පැටියා කාලයේ හිතුනේ දෙමළුන් හා අනෙකුත් ජාතිකයන් සිංහලයන්ට වඩා පහත් ජාතින් ලෙසය, හිතට දුක මේ පොඩි වුන්ගේ මානසික තත්වයෙන්ම සිතන මහවුන් මහා ගොඩක් ලංකාවේ සිටින බව දකින විටය.  කුඩා කළ දුටුගැමුණු රජතුමාගේ කථාව කියාදුන් ගුරුවරු පවා ජාති ආලය ඉලිප්පුවා විනා එළාරගේ සොහොනට ගරු කරන ලෙස දුටුගැමුණු රජතුමා කළ ප්‍රකාශය කිසි විටෙකත් අවදාරණය නොකළේය.හරියට කිස්තියානි ගුරුවරයෙක් මානව පරිණාමය උගන්නුවා වාගෙය. අපේ ජාතික විරයන් සිංහල ජාතිය බේරාගත් විරුවන් ලෙස ගුරුවරුන් පවා උගන්වනවා කියා සිතෙන්නේ මට විතරද? “අනේ කුහුබින්නේ තොපටත් රජෙක් ඉන්නේ” කියා අපි වහලුන් කිරීමට ඇද දමන අමන රජුන්,සෙන්පතියන් අදත් සිටින බවත් ඔවුන්ට වදින කොටසකුත් අප අතරම සිටින බවත් දැනෙන්නේ මටම විතරද?
කොරන්ඩ ඇති අටමගලයක් නැති නිසා කුකුළා තුන් තිස් පැයේම මුහුණු පොතේ කරක් ගහනවාය. දැන් දැන් මුහුණු පොතේ ජනමතයට ආණ්ඩුවත් කන්දෙනවා වැනි කොළ එළියක් පෙනෙන්නේ කෝටි ගාණක් වියදම් කර ගෙබි ඇමතිවරුන්ට(පනින සියල්ලෝ ගෙම්බෝ නොවේ..හික්.හික්..) මහජන සේවයට ගේනවා කියූ සුපිරි කාර්(මෙව්වා සමහර ගම්වල පාරවල් වල යන්ඩ පුලුවන්ද මන්ද හිටං) ගේන්නේ නැතුව ඒ මුදල් විසාලාවක් වුන සාලාවේ අවට මිනිසුන්ගේ සුබ සාදනයට යොදවන බව දැන්වීමෙනි. කොස්ගම සිදුවීමෙන් පසු ෆේස් බුක් යුද විශේෂ අග්නයෝ හා බුදු පිළිම වන්දනා කරුවෝ(මොවුන් පෝයකටවත් පන්සල් යනවාද කියා ෂුවර් නැත) සැමටම විහිළු සැපයුහ.නොපිපිරුණු උණ්ඩයක් බිත්තියක් පසාරු වීගෙන ඇවිත් ඇති ආකාරයත් බුදු පින්තූරයට ඉන් හානියක් නොවී ඇති ආකාරයත් දැක්වෙන පෝස්ට් මුහුණු පොතේ අතිනත යනවා දුටුවෙමි. සම හරක්ට පිළිමේ බේරිලා මිනිස්සු දාහක් මළත් අවුලක් නැත..
කොස්ගම බෝම්බ පිපුරුණේ හදිසි අනතුරක් නිසා විය හැක. ඒත් උතුරේ හා නැගෙනහිර තිස් වසරක් ගිණි ඇවිලුනි, දිනපතා කාලතුවක්කු උණ්ඩ හා ගුවන් ප්‍රහාර එල්ල වුණි. දකුණේ බෝම්බයක් පිපිරෙන විට යුද්දය අපිට දැනුණත් උතුරේ හා නැගෙනහිර ජනතාව පත්වූ තත්වය අපට සිතාගැනිමටවත් නොහැක. කිලෝමීටරයක වපසරියක විනාශය ගැන කම්පාවෙන අපි අපේම සහෝදර ජනතාවකගේ දශක තුනකටත් වඩා වැඩි කලක් පැවති යුද්දයෙන් සිදුවූ  දහස් සන්කයාත ජිවිත දේපළ හානි ගැන අනුකම්පාසහගත සිතුවිල්ලක්වත් ඇති කර ගත්තාදොයි කියා මොහොතක් කල්පනා කිරීම වටී..

ගං කුකුළා.