Thursday, March 31, 2016

තලවකැලේ ගියහැටි....



නෙලුම් යායේ සම්මාන දිනපු සොයුරු සොයුරියන් හැම දෙනාටත් අජිත් අයියා, කලාහිත ඇතුළු සංවිදායක මණ්ඩලයේ සැමටත් ගං කුකුළා ගේ උත්තමාචාර පිළිගන්වනවා...ඩිසුම් .....ඩිසුම් ....


* ඒ ආචාර වෙඩිමුර බව කරුණාවෙන් සලකන්න...!!!.


තලවකැලේ ගියහැටි

මේ සිද්දිය වෙත්දී මම හිටියේ දහයේ පන්තියේ. ජනවාරි මාසේ දෙවෙනි තුන්වෙනි සතියක දවසක්. දහයේ පංතියට අළුතෙන් කොල්ලෙක් එනවා කියල දොළහ වසරේ කොල්ලෝ සෙට් එකක් ඇවිත් අපිට කිව්වා. මූ වෙන ඉස්කෝලෙකින් ලව්  කේස් එකක් දාගෙන අස්කරපු එකෙක්. මුන්ගේ තාත්තා ලි බිස්නස් කරන හෙන දළකාරයෙක් මුල ඉඳලාම හදාගත්තේ නැත්නම් උඹලට ලේසි වෙන්නෑ කියල කිව්වා.මුට පාටියක් දෙන්ඩ ඕනේ කියල උන් කිව්වා.දහයේ පංති තුනක් තිබුණ නිසා ඉතුරු පංති දෙකට මේ හොට් නිව්ස් එක දෙන්ඩ කීප දෙනෙක්ම ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.
ඒ කථාව ඇහුවට පස්සේ අපිත් හිටියේ මුව ටිකක් මඩවලා ගන්ඩඕනේ කියන මතයේ තමයි. අපේ පැත්තේ ලි මුදලාලිලා කැලේ ගස් කපලා මොරටු ගෙනිහින්  හොද ගානක් හම්බ කරා. ගොඩක් වෙලාවට කැලෙන් ගස් කපලා ඒවට හොරට පර්මිට් හදල ලොරි වලින් මොරටුවට අරං ගියා. නැත්නම් හොරට කපාපු ගස්  පහුරු වගේ එකට බැඳලා ගඟේ  අරන් ගියා. මේවා කරන්ඩහැමෝටම බැ, පොලිසිය වගේම පළාතේ දෙසපාලක්යින්ගේත් අනුග්‍රහය ඕනේ.
ඔන්න ටිකකින් අපි දැක්කා අපේ පන්තිබාර ටීච එක්ක ටිකක් උස මහත කොල්ලෙක් බෑග් එකකුත් කරේ දාගෙන එනවා.දැන්නම් අපිට ෂුවර් මු දාල තියෙන්නේ අපේ පංතියට කියලා. ටීච පංතියට ඇවිත් මේ සමන් අද ඉදලා ඔයාලත් එක්ක මේ පන්තියේ ඉගෙණ ගන්නවා. මෙයාට ඉඳගන්ඩ තැනක් දීලා අපි කරපු පාඩම්වල සටහන් පොත් දෙන්ඩ ලියාගන්ඩ කියපු ටීච වෙන පංතියකට ගියා.
මුගේ මුණ බැලුවහම පැනියෙක් බව හොදට පේනවා. කොන්ඩේ ඉස්සරහින් බම්ප් එකක් තියල  උඩට පීරලා තිබුණා. ඒ කාලේ දැන් වගේ රැග් තිබුණේ නෑ, අපි මුළින්ම ඕලෙවෙල් කට උඩ ඉස්කෝල මාරු කළේ මොකද කියල ඇහුවා, කළින්ම විස්තර දැනගෙන හිටපු නිසයි ඇහුවේ, මු කියනවා ඒ ඉස්කෝලේ මද්‍යමහා විද්‍යාලයක් උනාට උගන්වනවා හොද නෑ කියලා. මේක අහපු අපේ එකෙක් අඩෝ තෝ බොරු කියන්ඩ එපාකියල අපිට කලින් කියපු විස්තරයට අතිනුත් දාල කිව්වා, මු ඊට පස්සේ වැඩි කථාවක් නැතුව හිටියා. පස්සේ එකොළහේ පංතියේ කොල්ලෝ ටිකක් ඇවිත් මුගේ කලිසමේ කකුලක් නවාගන්ඩ කියල පොත් බෑග් එක ඔළුව උඩින් තියාගන්ඩ කියල  පුටුවක් උඩ නග්ගලා පන්සිල් කියෙව්වා. දැන් මේ නාට්ටිය බලන්ඩ අල්ලපු පංතිවල උණුත් ඇවිත් වට උනා. පස්සේ මුව කැන්ටිම එහා පැත්තට එක්කයමු කියපු එකොළහේ පංතියේ සෙට් එක මුවත් ඇදගෙන පංතියෙන් එළියට ආව. අපිත් ඇන්ටෙනා හයි කරන් කොයි වෙලේ ප්‍රින්සිපල් එයිදෝ කියල හිතහිතා පස්සෙන් ගියා.
ඉස්සෙල්ලාම පුස් අප් ගහන්ඩ කිව්වා. “ඩිප්ස් දහයක් ගහපියඑකෙක් කෑගැහුවා. සමනත් ගානක් නැතුව ඩිප්ස් ගහනවා. “අඩෝ ගණන් කරපියතව එකෙක් කෑගැහුවා. සමන් පහයිකියල ගනින්ඩ ගත්ත විතරයි එකොළහේ පංතියේ එකෙක් යකෝ තොපේ ඉස්කෝලේ ඉගැන්නුවේ ඔහොමද
එකේ ඉදල ගැනහන් කියල ආයෙත් මුල ඉදලාම ඩිප්ස් ගැස්සුවා. සමන්ගේ මුණ රතුවෙලා ඉහෙන් කණින් දාඩිය දාන්ඩ ගත්තා.
ඩිප්ස් ගහල ඉවරනම් තලවකැලේ ගිහිං වර කියල අතුලයා කිව්වා. ඌ ඉස්කෝලේ  කැඩෙට් එකේ හිටපු කොල්ලෙක්. කොන්ඩේ ආමි කට් කපලා, මුණ අව්වටම පිච්චිලා කළුවෙලා තිබුණේ.
සමන් කියන කියන හැමදේම කළත් මෙකෙදිනම් බොහොම බයාදු විදියට අතුල දිහා බලා හිටිය. අපිත් මේ මොකක්ද මු කියන්නේ කියල බැලුව, ඇත්තටම අපිත් දැනගෙන හිටියේ නැ මේ මොකක්ද කියලා.
කැන්ටිමේ පිටිපස්සේ මාන පඳුරු  අඩි පහ හයක් උසට වැවිලා තිබුණේ, මේ කැලෑවට අත දික්කරපු අතුල
පළයන් ඔහොම්මම ඉස්සරහට කැලේ තලා ගෙනමකියල කෑගැහුවා.
මාන පැදුරුවල බුව ගෑවුනහම කසනවා, ඔය ගස් අස්සේ නයි පොලොන්ගුත් ඉන්ඩ පුළුවන්, එදා සමන්  තලව කැලේ යනකොට බලන් හිටපු හැමෝම හිනා උනා.ඒත් දැන්නම් ඒක හරිම බාල වැඩක් කියල තමයි හිතෙන්නේ. කොහොම හරි පහුවදා වෙනකොට මේ සිද්දි ප්‍රින්සිපල්ට දැනගන්න ලැබිලා තිබුණා. අපේ පංතියේ පිරිමිලමයි හැමෝම ප්රින්සිපල්ගේ ඔපිස් එකට ගෙනිහින් තදින්ම අවවාද කළා. එකොළහේ පංතියේ කීපදෙනෙකුට ගෙදරින් වැඩිහිටියෙකුත් එක්ක එන්ඩ කියල කියල තිබුණා. මේ වගේ වෙලාවට මේ මදාවි කොල්ලන්ට දෙවිකෙනෙක් වගේ පිහිටට එන්නේ තුසිත හෝටලේ වික්‍රම මාම. සමහරක් ළමයිගේ දෙමව්පියෝ වුනේ දවසේ කුළියට තැන් තැන්වල වැඩට යන මිනිස්සු.ටවුමේ  වික්කේ මාමලාගේ තේ කඩේට තමයි කොල්ලෝ පණිවිඩේ තියන්නේ, වික්කේ මාම ගානට වැඩේ කතාකරලා දෙනවා.එයාටත් ගානක් තියාගෙන. ටවුමේ ඉඳලා  ඉස්කෝලෙට විනාඩි පහක් විතර යනවා පයින් යන්ඩ, මේ කාලය යොදා ගත්තේ නාට්‍යයේ දෙබස් පුහුණුවට. නම ගම කියල දීල අහන ප්‍රශ්නවලට කෙටි උත්තර දෙන්ඩත් පිනා ඉදිරියේ සමාව ඉල්ලලා  බැගෑපත් වෙන ආකාරයත් කියල දෙනවා. ගොඩක් වෙලාවට රංගනය සාර්ථකයි හැබැයි සමහරක් අදි රංගනයක දෙන්ඩ ගිහිං නාගන්න වෙලාවලුත් තියෙනවා. ඒ ඉතිං වාචාල කටවල් තියෙන ඩයල් එකක් සෙට් උනොත් තමයි.
මාසයක් විතර ගියහම සමන් පංතියේ විතරක් නෙවෙයි ඉහළ පන්තිවලත් ප්‍රසිද්ද උනා.ඒ  ඉගෙනිමටවත් සමිතිවල වැඩවලටගිහිංවත් නෙවෙයි, කෙල්ලන්ට ලයින් දාන කාපාලු සෙට් එකට එකතුවීම නිසා. පංතියේ අනික් ළමයිට වඩා පැහැපත් ඇඟක් තිබුණ සමන් හැමෝම එක්ක හිනා වෙලා කතාබහ කරා.
දවසක් උදේ අපේ පංතිය තියන තට්ටු දෙකේ බිල්ඩිමේ පඩිපෙළ ළග හිටපු අපේ සෙට් එක මාර කථාවක් කිව්වා.
අඩෝ අළුත්ම නිව්ස් එක දන්නවද? එකෙක් ඇහුවා.
මොකක්ද බං සමාජ අද්යනය ටිචට බබෙක් හම්බෙලාද? ඒත් වැඩක් නෑනේ බං දැන් ආවත්  සිලබස් කවර් කරන්ඩ දැන් පුළුවනයි
සමාජ අද්‍යනය උගන්වපු ටීච නිවාඩු ගියේ විබාගෙට මාස කීපයක් තියෙද්දී.
පිස්සුද බං ටීච ආවේ නැ, උබ පංතියට ගිහිං පොත්ටික තියල ටිකක් හයියෙන් හැමෝටම ඇහෙන්ඩ ඌයි සමන් නියපොත්තකියල කියපන්කො කියල කව්වා. මම පංතියට යනකොට සමනා පංතියේ හිටියේ නැ. ඒත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම අපේ පංතියේ මල්කාව බයිට් කරමින් හිටියා.
සමනුයි බි පංතියේ කොල්ලෙකුයි කෙල්ලෝ දෙන්නෙක් එක්ක ෆිල්ම් එකක් බලන්ඩ ගිහිං එතනදී මල්කා  කියපු දෙයක් මුන් දෙන්නගෙන් කව්රු හරි කොල්ලොත් එක්ක කියලා, එකෙන් වැඩේ මාට්ටු උනා.
ඕලෙවල් පාස් නොව්නත් සමන් හොඳ ව්‍යාපාරිකයෙක් උනා, තාත්තා වගේ ගස් බිස්නස් නොකළත් සිල්ලර බඩු කඩවලට හැමෝම බඩු ගන්ඩ යන්නේ සමන්ගේ තොග බඩු කඩේට.සේවකයින් කීපදෙනෙක් හිටියත් හැමෝම එක්ක සුහදව කථා බහ කරන නිසාත් එකම වර්ගයේ බාන්ඩ තුනකට වැඩිය ගන්නවානම් ඩිස්කවුන්ට් දෙන නිසාත් මාසෙට ඕන කරන සිල්ලර බඩු එකපාර ගෙනාවම පහසු නිසාත් සමන්ගේ තොග බඩු කඩේ ගොඩක් ප්‍රසිද්ද උනා..


  

Thursday, March 17, 2016

කුකුලාගේ 05



පොඩි කාලේ කුකුලාගේ විනොදාන්ස අතර මාළු ඇතිකිරීමට අමතරව  කඩු, උල් පිහියා සෑදීම ඉහළින්ම තිබුනේය. මේවා ලෑලි වලින් සාදා බෝතල් කටු කෑලි වලින් කැපෙන පැත්ත ගා සිහින් කර මුවාත් තියා  පසුව ලැකර් හෝ අගුරු, පැස්ටල් වලින් වර්ණ ගැන්වුයෙමි. පිහි සදහා කොලපත් කැබැල්ලකින් සෑදු කොපු බාවිතා කලෙමි. එය කලිසමේ බඩ වටා බැගත් රෙදි පටියකින් එල්ලා ගතිමි. කඩුව සුරතට ගෙන කොස් කොල තොප්පි හිසට දා “ගනු කඩුව එනු සටනට” සොරෝ යැයි කෑගසා ඉසෙඩ් අකුරේ හැඩයට කඩුව  ගුවනේ ලෙලවිම හා හි මෑන් යනුවෙන් කඩුව එසවීමෙන් ඉමහත් වින්දනයක් ලැබුවෙමි.
දැන් මෙන් නොව ඉස්සර සිටි  පොලිස් අංකල්ලා හොදයයි මට සිතේ. එවක මගේ වයස අවුරුදු 10 හෝ 11ක් විය හැක. මම තවත් එකෙකු සමග මහ පාරේ (කොළ -හැටන්) කඩු සටනක යෙදී සිටියෙමි. මේ සිරිපාද සමයයි. බොහෝ දොරදෙකේ බස් හා වැන් අප පසු කර නල්ලතන්නිය බලා යන්නේ මේ පාරෙනි.වෙලාව සවස හයට ආසන්නය, අපි මේ වාහන වලට වැඩ පෙන්නුවෙමු. නොයෙකුත් ආකාරයෙන් කඩුව ලෙළවා කෑගසමින් විනෝද වුනෙමු. එකවරම වංගුවෙන් මතු වුයේ කෑම වෑන් එක ලෙස හදුන්වන පොලිස් ජීප් එකයි.. ඒ බවක් අප නොදුටුවේ එක පෙළට ආ සිරිපාදය බලා යන බස් නිසාය.මම අතේ ඇති කඩුව ඉසෙඩ් අකුර හැඩයට කරකවා වාහන දෙසට හැරී සෝරෝයැයි කැ ගැසුවෙමු. අප දෙදෙනාගේ රැගුම් දුටු ඔවුන් අපිට අඩි 15 පමණ දුරට ගොස් කරාස් හඩින් බෙරෙක් ගසා ජීප් එක නැවැත්විය. දැන් අපිට කලිසමේ චු යන ගානය.
වම් පස ඉදිරි ඇසුණේ සිටියේ පොලිසියේ ස්ථානාදීපතිය. “මෙහාට එනවලා දෙන්නම ” යැයි කියනු හීනෙන් මෙන් අපිට ඇසුණි, මරණයට කැපවූ ගවයින් දෙදෙනෙකුමෙන් අපි සෙමෙන් ජීප් එක අසළට ගෑටුවෙමු. කණේ පාරක්ද, පස්සට බැටන් පොලු පාරක්ද නැත්නම් ජීප් එකේ දාගෙන යාවිදැයි මම  සිතුවෙමි.
“පාරේ මොකද කරන්නේ” එකෙක් ගුගුළේය, මට දැන් තොලකට වේලි කලිසමේ චූ යන ගානය. “නැ මේ මේ ආපි..මම ගොත ගැසුවෙමි.
“අපි මේ නාට්ටියක් පුරුදුවෙනවා”. අනිකා යන්තං ජාම බේර ගත්තේය.
“දුවපියව් ගෙදර අයේ පාර අයිනේ ඉදලා අහුවෙන්ඩ එපා”. ජීප් එක ඇතුළේ සිටියෙකු කෑගැසුවේය, පස්ස නොබලා දිවූ අප නැවතුණේ ගෙදරය. අද මෙවැනි සෙල්ලමක් මහ පාරේ  දැම්මොත් වෙඩි උණ්ඩයක් හෝ අඩුම තරමින් කණේ පාරක් සුවර්ය.
දවසක් කොල්ලෙක් ඉස්කෝලෙට පිස්තෝලයක් ගෙනල්ලාය,
ඉන්ටවල් එක වෙලාවට පිට්ටනියේ කොනක සෙල්ලම් කරන අපිට එකෙක් චටාස් හඩින් සබ්දයක් එන පොඩි පිස්තෝලයකින් වෙඩි තියයි. සබ්දය මෙන් දුමක්ද එයි.
“ඕක පොඩ්ඩක් දීපන්කො බලන්ඩ”
“කොකා ගස්සන් ඩ එපා හරිද”
“හරි හරි පොඩ්ඩක් දීපන්කො බලන්ඩ” මේක මරු බාන්ඩයකි.
“මෙන්න මෙතන තියන කෑල්ල පහළට කරපන්කෝ” සමන් වටවී ඇති කොල්ලන්ට වැඩ පෙන්වයි. මම ඌ කියපු විදියට ඇගිල්ලකින් ඇණය පහත් කළෙමි. කොකාට ඉදිරියෙන් ඇති කෑල්ල ඉස්සි උඩට මතුවිය.
 ගිණි කූරු හිසක තරම්  වෙඩි බෙහෙත්  ඇති කඩදාසි රෝලක් ඇතුල් පැත්තේ සිට කොකා ඇති තැන දක්වා ගමන් කරයි. නැවතත් පෙර තිබු ආකාරයට ඉලිප්පුණු කෑල්ල පහත් කර වේගයෙන් කොකා ගැස්සුවෙමි. චටාස්, පටාස් ගා කාටිස් රෝලේ ඇති මුනිස්සම් පිපිරී ගියේය.
එදා ගෙදර ගිය මා හඩා දොඩා වැලපී පොළ දවසට මටත් කාටිස් පිස්තෝලයක් අරං දෙන බවට මව් තුමියව පොරොන්දු කර ගතිමි.


රුපවාහිනී නැරබිම
එවක අප නිවස ආසන්නයේ රූපවාහිනියක් තිබුණේ ඉස්පිරිතාලේ ලොකු මහත්තයාගේ බංගලාවේ හා හන්දියේ බේකරිය කළ ගුණේ මාමලාගේ ගෙදර පමණි. නැත්නම් අම්මලාගේ පැත්තෙන් නෑදෑ කමට නැන්දෙක් වන ජම්බෝල ගහලග ගෙදරට හැතැප්ම බාගයක් පමණ පයින්ම යා යුතුය. බේකරියේ ගෙදරට ටවුමේ රස්තියාදු කොල්ලන් හැමෝම එන්නෙ tv බැලීමටත් වඩා ගුණේ මාමලාගේ කෙල්ලෝ දෙන්නාට ලයින් දැමීමටය. පෝරනයේ උණු  උණු කිබුලා බනිස්, රෝස්පාන් කන මේ අක්කලා දෙන්නාත් ජම්බෝල ගෙඩි මෙන් පිම්බුණු අග පසගින් යුක්තය. රස්තියාදු කාරයන් එන බැවින් ගුණේ මාමලාගේ ගෙදර tv බැලීමට යාම පොඩිවුන් වූ අපට තහනම් කලාපයක් විය. අපි බොහෝවිට ලොකු දොස්තර මහත්තයලගේ බංගලාවට ගොස් tv බැලුවෙමු. ගමේ ගෙවල් වලමෙන්බිමට එලූ පැදුරු පැදුරු එහි නොතිබූ අතර ඇතිතරම් පුටු එහි විය. රුපවාහිනී නැරබීමට සුදුසුකම් කිහිපයක්ම සැපිරිය යුතුය. දුම් පානය සපුරා තහනම්ය, මත්පැන් බි පැමිණීම තහනම්ය.
“tv බලන්ඩ යනවනම් මුණ අත පය හොදා ගෙන හො ඇදුමක් ඇදගෙන යන්න” ඒ අම්මාගේ නීතියකි. අපි හවස හයට පෙර බංගලාවට දුවන්නේ හොද තැනකින් පුටුවක් අල්ලා ගැනීමට හා 6 ට පටන්ගන්නා “හි මෑන්, ගමි බෙයා කාටුන් බැලීමටයි. එවක ටාසන්, නයිට් රයිඩර්, මැනිමල්, ඔටෝ මෑන්, 240 රොබට්, ටයිම් ටනල් , බටර්ෆ්ලයි අයිලන්ඩ්, ප්ලැනට් ඕෆ් ද එෆ්ස් බොහෝ ජනප්‍රිය මාලා නාටක විය. රාත්‍රී 9.30 ට පටන්ගන්නා ලව් බෝට් බැලීමට ඉඩ ලැබුණේ වයස 18 ට වැඩි අයට පමණි. “ඔය පොඩි ළමයි දැන් ගෙවල් වලට යන්ඩ යයි ලොකු මහත්තයාගේ මැඩම්(අපේ ඉංග්‍රීසි ටීච) කිවූ විට අපි සෙමෙන් පුටුවලින් නැගිට කන්ද පල්ලම බැස මහපාරට එමු. බංගලාවේ සිට ප්‍රදාන පාර දක්වා විදුලි පහන් තිබුණත් ප්‍රදාන පාරේ මීටර දෙසීයක් පමණ දුර අපි එන්නෙ කට්ටකළුවරේය. ටික දුරක් එන විට පාරේ නිදා සිටින හරකුන් පෙනෙන්නේ කළු ගල් වගේය. වැසි පොදයක් වැටුණු දිනයක නම් තාර පාරේත් ගෝනුස්සන් සිටිය හැක. වැසි දිනවල කුඩයක් නැතත් විදුලි පන්දම රැගෙන යන මෙන් අම්මා කෑගසයි. ටෝච් එක ගෙනයාමට අමතකවූ දවසක පාරේදී “අන්න මෝහිනී” යැයි කිවූ මා කොල්ලන් සමග පාරේ දිව ආවෙමු. අහෝ බේදයකි ඉරකි තිතකි, අපේ පොඩ්ඩා පාරේ තලව්වේ දිගාවී වමාරා කමින් සිටි හරකෙකුගේ ඇගේ හැපී විසිවී ගොස් පාරේ පත බෑ විය. දනිස් දෙකම හම ගහ ගෙනය. හොදට නරකට දෙකට කටමය කිව්වා සේ පසුදා අම්මා තාත්තා සමග වටමේස සාකච්චාවක් පවත්වනු නින්ද නැති රැයේ මට ඇසුණි.
“අල් දොළහේ පොඩි එකක් තිබ්බම හොදටම ඇති, රෑ එහෙ මෙහෙ ගිහින් සර්පයෙක් වත් කවා ගත්තොත්” ඒ අම්මගේ හයි.
“ඉස්කෝලේ වැඩ පාඩු කරගනිද දන්නැ” පියා අදිමදි කරයි.
“හැම වෙලාවෙම ඕක දිහා බලාගෙන ඉන්ඩ ඕනේ නෑනේ” අම්මා අපේ පැත්තේය. මට දැන් පුල් ජොලිය.
“මේ මාසෙ පඩි හම්බුනාම බලමුකෝ, සල්ලි ඔක්කොම දීල ගේන්ඩ නම් බැරිවෙයි” තාත්තා කියයි.
“මම ගාවත් එකතු කරපු සල්ලි ටිකක් ඇති, හදිස්සියකට කියල තියල තිබ්බ” ඒ අම්මාය.
ටිකදිනකින් අපිටත් කළු සුදු රුපවාහිනියක් ලැබුණි. ච්නිලාගේ වත්තෙන් දිග උණ ගසක් කපාගෙන ආ අපි ඇන්ටනාව එහි ගැට ගසා චැනල් අල්ලුවෙමු.
“දැන් හරිද” එළියේ සිට මා ගමටම ඇහෙන්ඩ කෑ ගසමි.
“ නැ නැ තිත් වැඩි  තවටිකක් කරකවන්ඩෝ” ගේ ඇතුලින් ඇසෙයි.
“දැන් හරිද”
“නැතෝ හිමිහිට කරකවපන් ඕන් පටියත් යනවා” නිසි ආකාරයෙන් සිග්නල් නැතිවූ විට පින්තූර උඩ පහළ යන්නට ගනී. කෙසේ හෝ රැ බෝ වී යන්තං චැනල් දෙකම පෙනෙන ආකාරයට සකසා ගැනීමට හැකිවූ අතර ඒවන විටත් අහල පහළ කිහිප දෙනෙක්ම TV බැලීමට පැමිණ සිටියහ.
ටික දිනක් යන විට TV බැලීමට පෙර පොත්පාඩම් කරන බවට දීතිබු පොරොන්දුව කුඩා අපට පමණක් නොව දෙමව්පියන්ටත් අමතක විය.”නන්දන වින්දන” කෝපි කඩේ හෝ සිංහල චිත්‍රපටයක් ඇති දිනක අපිත් පුටු වැඩිහිටියන්ට දී පැදුරේ වාඩිවී TV බැලුවෙමු. රාත්‍රී අටේ ප්‍රවුර්ති විකාසනයෙන් පසු ඉතිරි වැඩසටහන් විස්තරය විකාශයවේ. එකළ මා ආසාවෙන් නැරබු V විද්‍යා ප්‍රබන්ද කථාවට වැඩිහිටියන්ට පමණයි ලේබලය ගසා තිබුණි. එය විකාසනය වන දිනවල සෑම දිනකම වැඩසටහන් විස්තරය යන විනාඩියක පමණ කාලයේ අපේ ගෙදර විදුලිය ඇණ හිටි. මෙසේ විදුලිය අණහිටියේ නැත්නම් ඉහළින් අණක් නිකුත්වේ.
“අද රැ තියෙන ඉංග්‍රීසි කථාව පොඩි ළමයිට බලන්ඩ හොද නැ”
“ඔය ඉන්න අය ගියාට පස්සේ TV එක වහල නිදාගන්ඩ”
ගමේ කව්රුත් සිංහල චිත්‍ර පටියක් නැත්නම් නමය පහුවු විට තම ගෙවල් වලට යයි.
ඉතිරි වන්නේ උඩ ගෙදර චිනියා හා මම පමණි. අපි දත මැදගෙන ඉන්නේ මේ කථාව බැලීමටයි. ඒ නිසා වැඩසටහන් විස්තරයේ රාත්‍රී දහයට යන වැඩසටහන වැටෙන්නට ඔන්න මෙන්න ඇතිවිට කල්යල් බලන මම ට්‍රිප් ස්විචය ඕෆ් කරමි.පසුව ටික වෙලාවකින් විදුලිය පැමිණේ.

මැසි මදුරුවන් එන නිසා රැට දොර ජනෙල් වසා ඇති බැවින් අවට ගෙවල් වල විදුලිය ඇතිබව කිසිවෙකුට නොපෙනුණි. එය චිනි අයියාගේ හා මගේ රස රහසක් විය.

Monday, March 7, 2016

පොල් කොන්ඩිගේ ආදරය, නිර්මාණ කරණයේ අත් පොත් තැබීම හා නිර්මාණ හොරු


පොල් කොන්ඩිගේ ආදරය, නිර්මාණ කරණයේ අත් පොත් තැබීම හා නිර්මාණ හොරු  

දැන් අපි ලොකු කොල්ලෝ, ලොකුයි කියුවට එච්චර ලොකුවකුත් නැ, හැබැයි හිතින් හරි ලොකුයි. බස් වල ෆුට් බෝඩ් එකේ යන්ඩ හරිම මනාපයි,හැබයි ස්කූල්බස් එකේනම් ලේසියෙන් පුට් බෝඩ් එකේ යන්ඩ චාන්ස් එකක් එන්නෙ නැ,ඕක බදුඅරං හිටියේ ඒලෙවල් ක්ලාස් වල අයියල.ස්කූල් බස් එක කියන්නේ රස සාගරයක්,ගොඩක් වෙලාවට ටීචර්ලා ඔය බස් එකේ ගියේ නැ.ඉස්කෝල දෙක තුනක ළමයි එක බස් එකේ යන්නේ දොර දෙකේ බස් එකක් උණත්සැමන්ටින් එකේ මාළු වගේ පැක් වෙනවා.මුලින්ම අපි බලන්නේ සිට්එකක වීදුරුව ළග පැත්තක ඉද ගන්ඩ,එතකොට කරදරයක් නැතුව යන්ඩ පුළුවන්.ඒත් සමහරුනම් කැමති හිටගෙන යන්ඩ, අපේ හෝල්ට් එකෙන් බස් එකට නගින අපිට වඩා ඉහළ පංතියක හිටපු කළු ගාමිණි කියන විදියට බස් එකේ හිටගෙන යන එකෙත් මාර ආතල් එකක් තියනවා.උදේට බස් එක අපේ හෝල්ට් එකට එනකොට කට කපල සෙනග.ගාමිණිය බස් එකට නගින්නේ දිග පටියක් තියන බෑග් එකත් කරේ පැත්තකින් එල්ලගෙන, එක අතකින් බෑග් එකත් ඉස්සරහට කරලා අල්ලගෙන,දැන් හොද තැනක් බලල පොඩි හේත්තුවක් දාගෙන යනවලු,තවටික දුරක් ගියහම බස් එක ඇගිල්ලක් ගහන්ඩ බැරිවෙන් ඩ ලෝඩ් වෙනවා,එතකොට මූ බෑග් එක හිමිහිට ගලවල සිට් එකක ඉදගෙන යන කෙනෙකුට දෙනවලු.(මේ වරහන් ඇතුලෙ දාන්නේ නොතේරුන අයට පැහැදිළි කිරීමක් හොදේ, ගාමිණිය හේත්තු වෙන්නේ කෙල්ලෙක්ගෙ ඇගට, ඊට පස්සේ හිරවෙලා තියන  බෑග්එක ගලවනකොට හිරවෙලා ඉන්න කෙනාගේ ඇදුමත් ඉස්සෙන බව සලකන්න.)
 කවුරු හරි වයස කියදකියල ඇහුවොත් අව්රුද්දක් අතින් දාල තමයි කියන්නේ,දවසක් ඉස්පිරිතාලේ ගිහිං හොර වයසක් කියල, චඃ දවසක් වස ලැජ්ජාවක් උනා, ඉස්කෝලෙදි දුවල වැටිලා දනිස් දෙකම හමගියා, ඉස්කෝලේ ඇරිලා එන ගමන් යාළුවෙක් එක්ක ගියා බෙහෙත් ටිකක් දාගන්ඩ, අවුරුද්දක් වැඩිපුර වයස කිවුවා, මෙන්න බොලේ ඩොකා අහපි මෙච්චර වයසද, කීයේ පංතියේද ඉගෙන ගන්නේ කියලා, හුහ් අහුවෙයි අපිනම් ඕවට, මම ඉන්න පංතියට එකක් වැඩියෙන් කිවුවා, කෝමද මගේ මොළේ, හෙහ් හෙහ්.
ඉස්කෝලේ ඇරිල ඇවිත් අපි යනව පොල්කෑල්ලේ ක්‍රිකට් ගහන්ඩ (මා පියාණන්ට හොරෙන් යන්නේ )
කොල්ලව පොල්කෑල්ලෙ සෙල්ලම් කරන්ඩ යවන්ඩ එපාඑදවස අප පියානෝ මව්තුමියට කියනවා,අපටත් ඇහෙන්ඩ තමයි කියන්නේ,ඒ උනාට ඕව මතක නැ ටිකවෙලාවකින් ,අනික ඉස්කෝලේ ඇරිලා ඇවිත් පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්නම් කිවුවම එපා කියන අම්මලා ඒ දවස් වල හිටියේ නැ.පොල් කෑල්ලේ පිට්ටනියට  කොල්ලෝ බල්ලෝ ගංජා කාරයෝ බජාර් එකේ චන්ඩි ඔක්කම එනවා,රබ්බඩයගේ පුතා කුමාර හෙනට කැටයම් දාගෙන හිටිය පොරක්. උන්ගේ තාත්ත කරේ පුවක් බිස්නස් ඒකට රබ්බඩයා කියල නම වැටුණ. කුමාරයා කිවුවේ ඌ රත්නපුරේ සීවලී මාස්ටර්ගේ පංති ගියා දුබුරු පටි වෙනකල් කරාටේ ඉගෙන ගත්තා කියල. සීවලී මාස්ටර්ට අපේ පැත්තෙත් මාර පිළිගැනීමක් තිබුණේ, ඒ කාලේ කරාටි පංති වැහිවහැල.
අපි ක්‍රිකට් ගහල පොඩි කයියක් එහෙම ගහල තමයි ආපහු ගෙදර එන්නෙ. ඔහොම කථා කරකර ඉන්නකොට ලොකු කොල්ලෝ කෙල්ලන්ව යාළු කරගන්ඩ යන ඒවා කථා වෙනවා, උන් කියන්නේ පෙරන්ඩ යනව කියල, අපිට මේවා හෙන මැජික්, මටත් ලාවට අයිඩියා එකක් ආව කෙල්ලෙක් සැට් කරගන්ඩ ඕනේ කියල. අරුන්ට විස්තර කියන්ඩත් පුළුවන්නේ , මේ වෙනකොට මම ගමේ ඉස්කෝලෙන් මහා විද්‍යාලෙට ගිහිං තිබුණේ.
 අපේ ඉස්කෝලේ ඉස්සරහ මිදුළ හැම පංතියකටම බෙදල දීල තිබුණේ අතු ගාන්ඩ, තමන්ගේ පංතිය ඉස්සරහ කොටස ඒ පංතියේ ළමයි අතු ගාන්ඩ ඕනේ. හැම පංතියකම වාගේ අපේ පංතියේත් කෙල්ලෝ පංතිය අතුගෑව අපි මිදුළ අතු ගෑවා.එදා බ්‍රහස්පතින්දා දවසක් මටයි තව දෙන්නෙකුටයි එදා අතු ගාන්ඩ තිබුණේ,
අඩෝ උඹලා ඉදල ගෙනාවද කියාගෙන නිසාන්තය අපි ඉන්න දිහාවට ආව,
පිස්සුද බං උබමනේ දැන් ඉදල ගේන්නම් කියල පංතිය ඇතුළට ගියේ. එහෙම කිවුවෙ ලපයා.
 අපේ පංතියේ තිබ්බ ඉදල වෙන පංතියක වුන් ටිකක් උස්සලා,
ඉස්කෝලේ පටන්ගන්ඩත් ළගයි,
උඹ  හොදට හැම තැනම  හොයල බැලුවද? අපි මුගෙන් ඇහුව.
අඩෝ මම කල්දේරා නෙවෙයි මගේ ඇ ස්  හොදට පේනවා.
හරි හරි දැන් වෙන පංතියකින් හරි ඉල්ලං ටක් ගාලා මේක ඉවරයක් කරමු දැන් බෙල් එක ගහන්ඩත් ළගයි.
ඒත් කව්රුත් වෙන පංති වලට යන්ඩ කැමති නැ,
මේ අර කෙල්ලට කියහන්කෝ බි පංතියෙන් ඉදල පොඩ්ඩකට ඉල්ලගෙන එන්ඩ කියල
ඒ කෙල්ල තමා බි පංතියේ ඉදලා අපේ පංතියට ආව ******* දිග බෙල්ලක්, දිළිසන ඇස් දෙකක් තියෙන, කොන්ඩේ අස්ස වලිගයක් වගේ උඩින් බැඳගෙන ආව හැමෝම එක්ක හිනාවෙලා කථා කරන අපි විහිළුවට කිවුවේ පොල්කොන්ඩි කියලා 
හිටපල්ලා මම කියන්නම් කියල මම වීරයා වගෙ ඉදිරිපත් උනා, අඩෝ මෙන්න මු කවදාවත් නැතුව කියල ලපය කෑගහනවා මට පිටිපස්සෙන් ඇහුණා මම මට නෙමේ වගේ පංතිය පැත්තට ඇවිත් කොට බිත්තියෙන් ඔළුව දාල ඒ දිළිසෙන ඇස් තියෙන කෙල්ලව හෙවුවා. ඔය ඉන්නේ පොඩි කඩයක් ඇරන්
පොඩි උදව්වක් කරන්ඩ පුළුවන්ද? මම බොහොම අහිංසක විදියට ඇහුවා.
ඇයි අපේ ඉදල නැද්ද
ඒක කව්රු හරි ගෙනිහිල්ල ඔයා බි පංතියේ ළමයි අදුරනවනේ ඉල්ලලා දෙන්ඩ බැරිද ?
මම ඇදාල පැදලා බොහොම සාන්ත දාන්ත විදියට ඇහුවා.
විනාඩියෙන් දුවල ගිහිං හැරෙන තැපෑලෙන් ඉදලක් හොයාගෙන ඇවිත් දුන්නා. ලපයයි අනිකයි කොරවෙලා බලාගෙන ඉන්නවා.
දැන් මම ඉදල ගෙනත් දුන්නනේ උඹලා  දෙන්නා මටත් එක්ක අතු ගාපල්ලා කියල මං කිව්වා, එතකොට අරුන් දෙන්නා කෑගහනවා උබ නෙවෙයිනේ ඉදල ගෙනාවේ පොල්කොන්ඩිනේ කියල
ඉස්කෝලේ යන්ඩ බැරිඋන දවස් වල සටහන් ලියල දෙන්ඩ අනික් පංතියෙන් අච්චු පොත් ඉල්ලලා දෙන්ඩ වගේ උදව් ගොඩක් ලැබුණා, ඒ එක පංතියේ  යාළු කමට වෙන්ඩ ඇති ඒත් ගෙදර ගිහිං මම ලස්සන දවල් හීන බැලුවා. යාළුවොත් බයිට් කරා ඒත් ඊට වඩා දෙයක් උනේ නැ.
ඉස්කෝලේ ගුරුවරු නැති පීරියඩ් වලට පුස්තකාලයට යන්ඩ නැත්නම් කවි පදයක් දෙකක් කුරුටු ගාන්ඩ මම පුරුදු වෙලා හිටියා. අපිට සිංහල උගන්වපු ටීචර් දවසක් මේක දැකල පංතියටම ඇහෙන්ඩ මගෙ කවියක් කියල අනික් අයටත් මොනවා හරි නිර්මාණයක් ලියාගෙන එන්ඩ කිව්වා. හැම දවසෙම සිංහල පාඩම ඉවර කරලා නිර්මාණ බැලුවා. ටික දවසක් ආසාවෙන් කළත් පහුවෙනකොට ළමයි වැඩේට කම්මැලි උනා.හැමදාම කවි කථා ලියන්ඩ පුළුවනැයි,නිර්මාණ කරනවා කියන්නේ සිංහල පොත බලාගෙන  පිටපත් ලිවීම් ලියනව වගේ නෙවෙයිනේ, එක ළමයෙක් පරණ රසවාහිනී සගරාවකින් කවි කොපි කරලා ටිචට මාට්ටු උනා.ඊට පස්සේ ටිචත් ඒ ගැන වැඩිය උනන්දු උනේ නැහැ. අපිත් වැඩේ අල්ලලා දැම්ම.ඔය පහළින් දාල තියෙන්නේ ඒ දවස්වල ලියපු කවියක්.

හැම  සැපසම්පතක්  අපිවෙනුවෙන් කැපකරපු
බත් මුට්ට්යේ අඩියම හැමදා  රසවිදපු,
දුක්කම්කටුලු මහමෙරසේ උසුලාපු
මතු බුදුවෙයන් අම්මේ අපෙ පින් කරපු.

විදි වේදනා ජිවිතේ
කටුක බව නොතකා
සිතුවේ පැතුවේ ඔබ
අප ගැනයි සැමදා

දිනුම් කණුවේ ළගට ඇවිත්
ඈත ඉදං හිනහාවෙන
අහසෙ ඉදං බලන් ඉන්න 
අපෙ අප්පච්චි

හීනෙන්වත් හිනාවෙයන් අපෙ අප්පච්චි
කදුළු ගල්වෙලා නැ තව
තවම ගලනවා අප්පච්චි
පන්සල් ගියාට බණපද ඇහුවට
දුක අඩුවෙන්නැ  අප්පච්චි
හීනෙන්වත් ඇවිත් යන්න සුදු අප්පච්චි