Thursday, March 17, 2016

කුකුලාගේ 05



පොඩි කාලේ කුකුලාගේ විනොදාන්ස අතර මාළු ඇතිකිරීමට අමතරව  කඩු, උල් පිහියා සෑදීම ඉහළින්ම තිබුනේය. මේවා ලෑලි වලින් සාදා බෝතල් කටු කෑලි වලින් කැපෙන පැත්ත ගා සිහින් කර මුවාත් තියා  පසුව ලැකර් හෝ අගුරු, පැස්ටල් වලින් වර්ණ ගැන්වුයෙමි. පිහි සදහා කොලපත් කැබැල්ලකින් සෑදු කොපු බාවිතා කලෙමි. එය කලිසමේ බඩ වටා බැගත් රෙදි පටියකින් එල්ලා ගතිමි. කඩුව සුරතට ගෙන කොස් කොල තොප්පි හිසට දා “ගනු කඩුව එනු සටනට” සොරෝ යැයි කෑගසා ඉසෙඩ් අකුරේ හැඩයට කඩුව  ගුවනේ ලෙලවිම හා හි මෑන් යනුවෙන් කඩුව එසවීමෙන් ඉමහත් වින්දනයක් ලැබුවෙමි.
දැන් මෙන් නොව ඉස්සර සිටි  පොලිස් අංකල්ලා හොදයයි මට සිතේ. එවක මගේ වයස අවුරුදු 10 හෝ 11ක් විය හැක. මම තවත් එකෙකු සමග මහ පාරේ (කොළ -හැටන්) කඩු සටනක යෙදී සිටියෙමි. මේ සිරිපාද සමයයි. බොහෝ දොරදෙකේ බස් හා වැන් අප පසු කර නල්ලතන්නිය බලා යන්නේ මේ පාරෙනි.වෙලාව සවස හයට ආසන්නය, අපි මේ වාහන වලට වැඩ පෙන්නුවෙමු. නොයෙකුත් ආකාරයෙන් කඩුව ලෙළවා කෑගසමින් විනෝද වුනෙමු. එකවරම වංගුවෙන් මතු වුයේ කෑම වෑන් එක ලෙස හදුන්වන පොලිස් ජීප් එකයි.. ඒ බවක් අප නොදුටුවේ එක පෙළට ආ සිරිපාදය බලා යන බස් නිසාය.මම අතේ ඇති කඩුව ඉසෙඩ් අකුර හැඩයට කරකවා වාහන දෙසට හැරී සෝරෝයැයි කැ ගැසුවෙමු. අප දෙදෙනාගේ රැගුම් දුටු ඔවුන් අපිට අඩි 15 පමණ දුරට ගොස් කරාස් හඩින් බෙරෙක් ගසා ජීප් එක නැවැත්විය. දැන් අපිට කලිසමේ චු යන ගානය.
වම් පස ඉදිරි ඇසුණේ සිටියේ පොලිසියේ ස්ථානාදීපතිය. “මෙහාට එනවලා දෙන්නම ” යැයි කියනු හීනෙන් මෙන් අපිට ඇසුණි, මරණයට කැපවූ ගවයින් දෙදෙනෙකුමෙන් අපි සෙමෙන් ජීප් එක අසළට ගෑටුවෙමු. කණේ පාරක්ද, පස්සට බැටන් පොලු පාරක්ද නැත්නම් ජීප් එකේ දාගෙන යාවිදැයි මම  සිතුවෙමි.
“පාරේ මොකද කරන්නේ” එකෙක් ගුගුළේය, මට දැන් තොලකට වේලි කලිසමේ චූ යන ගානය. “නැ මේ මේ ආපි..මම ගොත ගැසුවෙමි.
“අපි මේ නාට්ටියක් පුරුදුවෙනවා”. අනිකා යන්තං ජාම බේර ගත්තේය.
“දුවපියව් ගෙදර අයේ පාර අයිනේ ඉදලා අහුවෙන්ඩ එපා”. ජීප් එක ඇතුළේ සිටියෙකු කෑගැසුවේය, පස්ස නොබලා දිවූ අප නැවතුණේ ගෙදරය. අද මෙවැනි සෙල්ලමක් මහ පාරේ  දැම්මොත් වෙඩි උණ්ඩයක් හෝ අඩුම තරමින් කණේ පාරක් සුවර්ය.
දවසක් කොල්ලෙක් ඉස්කෝලෙට පිස්තෝලයක් ගෙනල්ලාය,
ඉන්ටවල් එක වෙලාවට පිට්ටනියේ කොනක සෙල්ලම් කරන අපිට එකෙක් චටාස් හඩින් සබ්දයක් එන පොඩි පිස්තෝලයකින් වෙඩි තියයි. සබ්දය මෙන් දුමක්ද එයි.
“ඕක පොඩ්ඩක් දීපන්කො බලන්ඩ”
“කොකා ගස්සන් ඩ එපා හරිද”
“හරි හරි පොඩ්ඩක් දීපන්කො බලන්ඩ” මේක මරු බාන්ඩයකි.
“මෙන්න මෙතන තියන කෑල්ල පහළට කරපන්කෝ” සමන් වටවී ඇති කොල්ලන්ට වැඩ පෙන්වයි. මම ඌ කියපු විදියට ඇගිල්ලකින් ඇණය පහත් කළෙමි. කොකාට ඉදිරියෙන් ඇති කෑල්ල ඉස්සි උඩට මතුවිය.
 ගිණි කූරු හිසක තරම්  වෙඩි බෙහෙත්  ඇති කඩදාසි රෝලක් ඇතුල් පැත්තේ සිට කොකා ඇති තැන දක්වා ගමන් කරයි. නැවතත් පෙර තිබු ආකාරයට ඉලිප්පුණු කෑල්ල පහත් කර වේගයෙන් කොකා ගැස්සුවෙමි. චටාස්, පටාස් ගා කාටිස් රෝලේ ඇති මුනිස්සම් පිපිරී ගියේය.
එදා ගෙදර ගිය මා හඩා දොඩා වැලපී පොළ දවසට මටත් කාටිස් පිස්තෝලයක් අරං දෙන බවට මව් තුමියව පොරොන්දු කර ගතිමි.


රුපවාහිනී නැරබිම
එවක අප නිවස ආසන්නයේ රූපවාහිනියක් තිබුණේ ඉස්පිරිතාලේ ලොකු මහත්තයාගේ බංගලාවේ හා හන්දියේ බේකරිය කළ ගුණේ මාමලාගේ ගෙදර පමණි. නැත්නම් අම්මලාගේ පැත්තෙන් නෑදෑ කමට නැන්දෙක් වන ජම්බෝල ගහලග ගෙදරට හැතැප්ම බාගයක් පමණ පයින්ම යා යුතුය. බේකරියේ ගෙදරට ටවුමේ රස්තියාදු කොල්ලන් හැමෝම එන්නෙ tv බැලීමටත් වඩා ගුණේ මාමලාගේ කෙල්ලෝ දෙන්නාට ලයින් දැමීමටය. පෝරනයේ උණු  උණු කිබුලා බනිස්, රෝස්පාන් කන මේ අක්කලා දෙන්නාත් ජම්බෝල ගෙඩි මෙන් පිම්බුණු අග පසගින් යුක්තය. රස්තියාදු කාරයන් එන බැවින් ගුණේ මාමලාගේ ගෙදර tv බැලීමට යාම පොඩිවුන් වූ අපට තහනම් කලාපයක් විය. අපි බොහෝවිට ලොකු දොස්තර මහත්තයලගේ බංගලාවට ගොස් tv බැලුවෙමු. ගමේ ගෙවල් වලමෙන්බිමට එලූ පැදුරු පැදුරු එහි නොතිබූ අතර ඇතිතරම් පුටු එහි විය. රුපවාහිනී නැරබීමට සුදුසුකම් කිහිපයක්ම සැපිරිය යුතුය. දුම් පානය සපුරා තහනම්ය, මත්පැන් බි පැමිණීම තහනම්ය.
“tv බලන්ඩ යනවනම් මුණ අත පය හොදා ගෙන හො ඇදුමක් ඇදගෙන යන්න” ඒ අම්මාගේ නීතියකි. අපි හවස හයට පෙර බංගලාවට දුවන්නේ හොද තැනකින් පුටුවක් අල්ලා ගැනීමට හා 6 ට පටන්ගන්නා “හි මෑන්, ගමි බෙයා කාටුන් බැලීමටයි. එවක ටාසන්, නයිට් රයිඩර්, මැනිමල්, ඔටෝ මෑන්, 240 රොබට්, ටයිම් ටනල් , බටර්ෆ්ලයි අයිලන්ඩ්, ප්ලැනට් ඕෆ් ද එෆ්ස් බොහෝ ජනප්‍රිය මාලා නාටක විය. රාත්‍රී 9.30 ට පටන්ගන්නා ලව් බෝට් බැලීමට ඉඩ ලැබුණේ වයස 18 ට වැඩි අයට පමණි. “ඔය පොඩි ළමයි දැන් ගෙවල් වලට යන්ඩ යයි ලොකු මහත්තයාගේ මැඩම්(අපේ ඉංග්‍රීසි ටීච) කිවූ විට අපි සෙමෙන් පුටුවලින් නැගිට කන්ද පල්ලම බැස මහපාරට එමු. බංගලාවේ සිට ප්‍රදාන පාර දක්වා විදුලි පහන් තිබුණත් ප්‍රදාන පාරේ මීටර දෙසීයක් පමණ දුර අපි එන්නෙ කට්ටකළුවරේය. ටික දුරක් එන විට පාරේ නිදා සිටින හරකුන් පෙනෙන්නේ කළු ගල් වගේය. වැසි පොදයක් වැටුණු දිනයක නම් තාර පාරේත් ගෝනුස්සන් සිටිය හැක. වැසි දිනවල කුඩයක් නැතත් විදුලි පන්දම රැගෙන යන මෙන් අම්මා කෑගසයි. ටෝච් එක ගෙනයාමට අමතකවූ දවසක පාරේදී “අන්න මෝහිනී” යැයි කිවූ මා කොල්ලන් සමග පාරේ දිව ආවෙමු. අහෝ බේදයකි ඉරකි තිතකි, අපේ පොඩ්ඩා පාරේ තලව්වේ දිගාවී වමාරා කමින් සිටි හරකෙකුගේ ඇගේ හැපී විසිවී ගොස් පාරේ පත බෑ විය. දනිස් දෙකම හම ගහ ගෙනය. හොදට නරකට දෙකට කටමය කිව්වා සේ පසුදා අම්මා තාත්තා සමග වටමේස සාකච්චාවක් පවත්වනු නින්ද නැති රැයේ මට ඇසුණි.
“අල් දොළහේ පොඩි එකක් තිබ්බම හොදටම ඇති, රෑ එහෙ මෙහෙ ගිහින් සර්පයෙක් වත් කවා ගත්තොත්” ඒ අම්මගේ හයි.
“ඉස්කෝලේ වැඩ පාඩු කරගනිද දන්නැ” පියා අදිමදි කරයි.
“හැම වෙලාවෙම ඕක දිහා බලාගෙන ඉන්ඩ ඕනේ නෑනේ” අම්මා අපේ පැත්තේය. මට දැන් පුල් ජොලිය.
“මේ මාසෙ පඩි හම්බුනාම බලමුකෝ, සල්ලි ඔක්කොම දීල ගේන්ඩ නම් බැරිවෙයි” තාත්තා කියයි.
“මම ගාවත් එකතු කරපු සල්ලි ටිකක් ඇති, හදිස්සියකට කියල තියල තිබ්බ” ඒ අම්මාය.
ටිකදිනකින් අපිටත් කළු සුදු රුපවාහිනියක් ලැබුණි. ච්නිලාගේ වත්තෙන් දිග උණ ගසක් කපාගෙන ආ අපි ඇන්ටනාව එහි ගැට ගසා චැනල් අල්ලුවෙමු.
“දැන් හරිද” එළියේ සිට මා ගමටම ඇහෙන්ඩ කෑ ගසමි.
“ නැ නැ තිත් වැඩි  තවටිකක් කරකවන්ඩෝ” ගේ ඇතුලින් ඇසෙයි.
“දැන් හරිද”
“නැතෝ හිමිහිට කරකවපන් ඕන් පටියත් යනවා” නිසි ආකාරයෙන් සිග්නල් නැතිවූ විට පින්තූර උඩ පහළ යන්නට ගනී. කෙසේ හෝ රැ බෝ වී යන්තං චැනල් දෙකම පෙනෙන ආකාරයට සකසා ගැනීමට හැකිවූ අතර ඒවන විටත් අහල පහළ කිහිප දෙනෙක්ම TV බැලීමට පැමිණ සිටියහ.
ටික දිනක් යන විට TV බැලීමට පෙර පොත්පාඩම් කරන බවට දීතිබු පොරොන්දුව කුඩා අපට පමණක් නොව දෙමව්පියන්ටත් අමතක විය.”නන්දන වින්දන” කෝපි කඩේ හෝ සිංහල චිත්‍රපටයක් ඇති දිනක අපිත් පුටු වැඩිහිටියන්ට දී පැදුරේ වාඩිවී TV බැලුවෙමු. රාත්‍රී අටේ ප්‍රවුර්ති විකාසනයෙන් පසු ඉතිරි වැඩසටහන් විස්තරය විකාශයවේ. එකළ මා ආසාවෙන් නැරබු V විද්‍යා ප්‍රබන්ද කථාවට වැඩිහිටියන්ට පමණයි ලේබලය ගසා තිබුණි. එය විකාසනය වන දිනවල සෑම දිනකම වැඩසටහන් විස්තරය යන විනාඩියක පමණ කාලයේ අපේ ගෙදර විදුලිය ඇණ හිටි. මෙසේ විදුලිය අණහිටියේ නැත්නම් ඉහළින් අණක් නිකුත්වේ.
“අද රැ තියෙන ඉංග්‍රීසි කථාව පොඩි ළමයිට බලන්ඩ හොද නැ”
“ඔය ඉන්න අය ගියාට පස්සේ TV එක වහල නිදාගන්ඩ”
ගමේ කව්රුත් සිංහල චිත්‍ර පටියක් නැත්නම් නමය පහුවු විට තම ගෙවල් වලට යයි.
ඉතිරි වන්නේ උඩ ගෙදර චිනියා හා මම පමණි. අපි දත මැදගෙන ඉන්නේ මේ කථාව බැලීමටයි. ඒ නිසා වැඩසටහන් විස්තරයේ රාත්‍රී දහයට යන වැඩසටහන වැටෙන්නට ඔන්න මෙන්න ඇතිවිට කල්යල් බලන මම ට්‍රිප් ස්විචය ඕෆ් කරමි.පසුව ටික වෙලාවකින් විදුලිය පැමිණේ.

මැසි මදුරුවන් එන නිසා රැට දොර ජනෙල් වසා ඇති බැවින් අවට ගෙවල් වල විදුලිය ඇතිබව කිසිවෙකුට නොපෙනුණි. එය චිනි අයියාගේ හා මගේ රස රහසක් විය.

12 comments:

  1. උඹත් පුතේ පුත්තලං බුරුවෝ දෙනි්නෙක්ගේ වයසේ එකෙක් හැක්..

    ඉස්කොලේ යන කාලේ අපිට බ්ලු පිලුම් බලන්න නං මරු පොට් එකක් තිබුනා යාළුවෙක්ගේ ගෙදර. ඒකා ඇරෙන්න අනිත් හැමෝම කඩේ හිටියේ.. ටවුමට කිලෝමීටර් 8 ක් විතර ඇති ගෙදර ඉදල. කිලෝමීටරක් විතර දුරදි කියන්න පුලුවන්ගේ ඒ හාදයලගේ වාහනේ එන විත්තිය. අපොයි එතකොට බීපු සිගරට් අරක්කු ටිකත් හංගල කාමරේට වෙලා පොත් පාඩං කරන්නත් වෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම වයසයි කියන්ඩ එපා, යන්ග් ඇට් හාට්,හැක හැක..
      අපේ කාලේ CD නැ , ඩෙක් පීස් තමා.

      Delete
  2. V ඒ කාලෙ ප්‍රියතම කතාවක්.
    ඊලඟ කොටස නැතිවීම ගැන දුකෙන් හිටිය

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලස්සන කථා ගොඩක් ගියා.
      වෙල්කම් ප්‍රා.

      Delete
  3. පට්ට... උඹ මට වඩා ටිකාක් විතර වැඩිමල්.

    අපිත් බේකරි කඩේ ටීවී බලන්න ගිය කාලෙයක් තිබ්බ.

    අපේ ගමේ එක කොටසක් උන්න, උං ටීවී බලන්න එන්නෙ සිංහල චිත්‍රපටියක් යන දවසට විතරයි. පවුල් පිටිං, පෙරෝන රෙදිත් අරං එන්නෙ. සමහර දවස් වල කඩලත් තම්බගෙන එනව.

    ReplyDelete
  4. විසිටර් වි නං බලල නෑ
    නයිට් රයිඩර් යනකාලෙ නං අපි බොලා තරං වයස නෑ
    රාමායනය හැලිල නේහ්...
    හිහි

    දැං පොලිස් ගැන නං කතා කරන්න එපා
    ලොං පොලිස් තනිකරම

    ReplyDelete
    Replies
    1. රාමායණය tv ආව අළුතද ගියේ...මතක නෑ, අර කළු වහල්ලු ගැන කථාව, ඉන්දියාවට යන මිනිස්සු කට්ටියකගේ කතාව(මන්කි මැජික්) ලස්සනයි.

      Delete
  5. උඹලගේ පරම්පරාවට පස්සේ එකෙක් මම.අපේ කාලේ තිබුනේ නයිට් රයිඩර්, එයාර් වුල්ෆ්, ස්ටාර් ගේට්, ටුවර් ඔෆ් ඩියුටි, බ්‍රිස්කෝ කවුන්ටි ජූනියර්, වයිපර්, එක්ස් ෆයිල්ස්, ෆ්ලෑශ්, බිග්ෆූට් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්, රොබින් හුඩ් වගේ ඒවා තමයි.

    අඩේ...ඔය කාටිස් පිස්තෝල හෙන ගොඩක් මටත් තිබුනා.ඒකාලේ ආසම සෙල්ලම්බඩු වුනේ තුවක්කු.අපේ ගෙදර ඒ කාලේ ආයුධ ගබඩාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. කටුස්සෝ මම වයසක කුකුලෙක්..හික් හික්...
      .ටුවර් ඔෆ් ඩියුටි නම් පට්ට සීරිස් එක, හැබැයි ගොඩක් ඇමෙරිකාව පුම්බල තියෙන්නේ, වියට්නාමය ගැනත් ලිපි පෙළක් ලියන්ඩ ඉන්නේ, කාටවත් කියනවා හෙම නෙවෙයි ඕන් ....හෙක් හෙක් හෙක් ..

      Delete
  6. අපෙ කොක්කා හඬලන කොට අපූරුවට හඬලනව නෙව​...හොඳයි අනේ...මං ආසාවෙන් කියෙව්වා....

    ReplyDelete