Friday, August 5, 2016

කන්දකට නමක්....

(google street view)
“රැවෙන්ඩත් එනවා දැන් මදැයි ඔය මදුරුවෝ කකා එළියේ හිටියා හැමෝම ගේ ඇතුළට එන්ඩ”  අම්ම කථා කරනවා.
“අනේ තාත්තේ අපි තවටිකක් මෙහෙම ඉමු, ඔහේ කන මදුරුවෙක් නෑ”
“අපි අර බල්ලහල කන්ද වලාකුළු වලින් වැහෙනකම් මෙතන ඉමුකො තාත්තේ”
ඇයි තාත්තේ ඒ ගලට බල්ලහෙල ගල කියන්නේ? දුවට ප්‍රශ්නයක්..
“පුතේ ඔය ප්‍රශ්නේ මීට අවුරුදු ගානකට කළින් මමත් ඇහුවා අපේ ආතා ගෙන්”
“ඉතිං ඉතිං සියා මොනවාද කිව්වේ? ඇසුත් ලොකුකරන් කටත් බාගෙට ඇරගෙන පුතත් අහනවා.
“ඔන්න ඉස්සර කාලේ බුදු හාමුදුරුවෝ අහසින් වැඩියාලු සිරි පතුළ පිහිටවන්ඩ සුදුසු තැනක් හොයමින්, අහසින් වැඩිය කියලයි කියන්නේ”
“මුළින්ම වැඩියේ දැන් ඔය සිරිපතුල පිහිටවල තියෙන නල්ලතන්නියට නෙවෙයිලු”
එහෙනං?
“මුළින්ම වැඩියේ මේ පේන ගල් පර්වතය උඩටලු”
ඉතිං ඊට පස්සේ ? දුවටයි පුතාටයි දෙන්නටම මේ කතාව අහනකං ඉවසුමක් නෑ.
“මේ ගල් පර්වතයට අහසින් වැඩලා සිරිපතුළ පිහිටවන්ඩ හදන කොටම බල්ලෙක් හැල හැල ගෑවලු”
“ඊට පස්සේ මෙතන සුදුසු නැහැ කියල තීරණය කරාලු, එදා ඉදන්ලු මේ ගලට බල්ලැහැල ගල කියල නම දැම්මේ ” මම කියනවා.
“හයියෝ අපරාදේ” පුතා කියනවා.
ඇයි අයියේ එහෙම කියන්නේ? දුවට ප්‍රශ්නයක්.
“හයියෝ ඒකවත් හිතාගන්ඩ බැරිද මේ ගලේ සිරිපාදේ තිබ්බනම් අපිට ලේසියෙන්ම සිරිපාදේ යන්ඩ තිබුණනේ, අපිට පොඩි කඩයක් දාගන්ඩත් තිබ්බනේ”
“හා හා දැන් කරුවලත් වැටිලා ළමයි දෙන්නත් එක්ක ගෙට එන්ඩ”

“අපි දැන් ගේ ඇතුළට යමු අන්න අම්ම කථා කරනවා”.

8 comments:

  1. බල්ල තමයි වැඩේ අනල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ,නැත්නම් කඩයක්වත් දාගන්ඩ තිබුණා ...

      Delete
  2. ඌ නම් බැල්ලිගෙ පුතෙක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අනිවා.....හෙහ් හෙහ්....

      Delete
  3. Replies
    1. සරදියෙල් හූ රකිනවද???

      Delete
  4. මේ එරත්න පැත්තේද?

    ReplyDelete
  5. ඕන් බලන්නකෝ ඉතින් එකෙත් හැටි !

    ReplyDelete