Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Friday, August 5, 2016

කන්දකට නමක්....

(google street view)
“රැවෙන්ඩත් එනවා දැන් මදැයි ඔය මදුරුවෝ කකා එළියේ හිටියා හැමෝම ගේ ඇතුළට එන්ඩ”  අම්ම කථා කරනවා.
“අනේ තාත්තේ අපි තවටිකක් මෙහෙම ඉමු, ඔහේ කන මදුරුවෙක් නෑ”
“අපි අර බල්ලහල කන්ද වලාකුළු වලින් වැහෙනකම් මෙතන ඉමුකො තාත්තේ”
ඇයි තාත්තේ ඒ ගලට බල්ලහෙල ගල කියන්නේ? දුවට ප්‍රශ්නයක්..
“පුතේ ඔය ප්‍රශ්නේ මීට අවුරුදු ගානකට කළින් මමත් ඇහුවා අපේ ආතා ගෙන්”
“ඉතිං ඉතිං සියා මොනවාද කිව්වේ? ඇසුත් ලොකුකරන් කටත් බාගෙට ඇරගෙන පුතත් අහනවා.
“ඔන්න ඉස්සර කාලේ බුදු හාමුදුරුවෝ අහසින් වැඩියාලු සිරි පතුළ පිහිටවන්ඩ සුදුසු තැනක් හොයමින්, අහසින් වැඩිය කියලයි කියන්නේ”
“මුළින්ම වැඩියේ දැන් ඔය සිරිපතුල පිහිටවල තියෙන නල්ලතන්නියට නෙවෙයිලු”
එහෙනං?
“මුළින්ම වැඩියේ මේ පේන ගල් පර්වතය උඩටලු”
ඉතිං ඊට පස්සේ ? දුවටයි පුතාටයි දෙන්නටම මේ කතාව අහනකං ඉවසුමක් නෑ.
“මේ ගල් පර්වතයට අහසින් වැඩලා සිරිපතුළ පිහිටවන්ඩ හදන කොටම බල්ලෙක් හැල හැල ගෑවලු”
“ඊට පස්සේ මෙතන සුදුසු නැහැ කියල තීරණය කරාලු, එදා ඉදන්ලු මේ ගලට බල්ලැහැල ගල කියල නම දැම්මේ ” මම කියනවා.
“හයියෝ අපරාදේ” පුතා කියනවා.
ඇයි අයියේ එහෙම කියන්නේ? දුවට ප්‍රශ්නයක්.
“හයියෝ ඒකවත් හිතාගන්ඩ බැරිද මේ ගලේ සිරිපාදේ තිබ්බනම් අපිට ලේසියෙන්ම සිරිපාදේ යන්ඩ තිබුණනේ, අපිට පොඩි කඩයක් දාගන්ඩත් තිබ්බනේ”
“හා හා දැන් කරුවලත් වැටිලා ළමයි දෙන්නත් එක්ක ගෙට එන්ඩ”

“අපි දැන් ගේ ඇතුළට යමු අන්න අම්ම කථා කරනවා”.

Monday, May 9, 2016

හයියෝ වාසු

හයියෝ වාසු

කවුරුත් කලබල වෙන්ඩ එපා අපේ ගරු අහවල් හිටපු  ඇමතිතුමා{සුද්ද සිංහලෙන් දියවන්නාව ගද ගැස්සුවේ]  ගැන ලියන දේසපාලන පෝස්ට්එකක් නෙවෙයි.මේක උනේ අපේ යාලුවෙකුට මුගේ නමත් වාසුදේව ගමනායක  ගමේ හිටපු හොද මනුස්සයෙක්,මිනී මරපුව ඒ විදියටම වීඩියෝ කරලා පෙන්නන අද කාලේ අවුරුදු දහපහලවකට කළින් වුන සිද්දියක් ඒ මනුස්සයාගේ අනුදැනුමකින් තොරව මගේ බ්ලොගේ කතෘ කාරකෙන් ලිව්වයි කියල ගැටළුවක් වෙන්ඩ විදියක් නෑ.{ඇම් අයි රොන් ගයිස්}
තවම ජොබ් එක හරිගියේ නැද්ද” කන්ඩ අදින්ඩ දෙන අම්මල තාත්තලට වඩා ගමේ මිනිස්සු අපි ගැන හොයල බලනවා. රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න එක දෙමව්පියන්ට වඩා බරක් වෙන්නේ ගමේ මිනිස්සුන්ට. කඩේකට ගියත්,පංසලක් පල්ලියකට ගියත් අහන්නේ රස්සාව ගැන, ලගදි බැන්දනම් අහන්නේ තවම බබාල නැද්ද කියල. මටනං මල පනින්නේ හිස් මුදුනෙන්ම.
“අළුත් ආණ්ඩුවෙන් හැම ගමකටම ගාමන්ට් එක ගානේ දානවලු ගිහිල්ල මැම්බර් මහත්තයට කථාකරලා බලන්ඩ” මන්ත්‍රිලගේ පස්සේ යන වුන් උපදෙස් දෙනවා මුණට. ඒත් හිතේ තියෙන්නේ ඉස්කෝලේ ගිහින් විබාග පාස් කරාට මේකා තාමත් ගෙදර කියල. ඒක තමයි ගමේ සිංහල මිනිස්සුන්ගේ වසර දෙදාස් පන්සීයක ඉතිහාසයෙන් සන්ස්කුරිතියෙන් ඇට ලේ මස් වලට කිදා බැහල තියෙන්නේ.දවසට දහපාරක් පන්සිල් ගත්තත් මයිත්‍රී බාවනාව කරත් වැඩක් නැ. ක්‍රෝදය, ද්වේශය, වයිරය පිරිලා.
කොරියා යන්ඩ බාසා විබාගෙත් ලියල අනෙක් සහතිකවල පිටපතුත් ඒජන්සියට දීල තිබුණත් ඒජන්සියෙන් කිසිම දැනුම් දීමක් නැතුව ගෙවිලා ගිය මාස කිහිපය අවුරුදු ගානක් වගෙයි දැනුනේ.රස්සා කීපයක් කරත් ලංකාවේ ඉදල හරියන්නෑ, මේ රට කවදාකවත් දියුණූවෙන්නේ නැ, ලංකාවේ මිනිස්සු මහ කුජිත කොට්ටාසයක් කියල හිතපු ඒ වගේම එහෙම මිනිස්සු වැඩිපුර ආස්සරේ කරන්ඩ ලැබුණ නිසා රස්සාවකට ගියත් මාස කීපයකට වඩා එකතැන වැඩකරගෙන ඉන්ඩ ලැබුණේ නෑ.
 තේ හදන එකාගේ ඉදල මැනේජර්ලා එක්කත් ඇරගත්තේ අර පාට කණ්ණාඩියෙන් මිනිස්සු දිහා බලපු නිසා වෙන්ඩ ඇති. සමහර සිද්දි මතක් වෙනකොට හිනහත් යනවා සමහර දේවල් වලට තවමත් ඇගේ මාළු නටනවා මතක් වෙද්දී. ඉංජිනේරු සර් ලටයි තෙල් බොයිලේරුව පත්තුකරන හැටි නොදන්න මැනේජර්ල්යි හිටපු කොම්පැණියක ලිපිකරු රස්සාවකට ගිහිං පියන්ගෙන් ගේම ඉල්ලුවේ තේ එක මේසෙට ගේන්නේ නැති නිසයි. අනික් උන්ට තේ දීල “සැර් තේ බොන්ඩ” කියල ඔලුව කසල මූ දෙකට තුනට නැමෙනවා. මගේ මේසේ ගාවින් යන ගමන් “වාසු මහත්තය තේ බොනවද” කියල අහන්නේ “නෑ දැන් ඕනෙ නැ බණ්ඩාර” කියල මගේ කටින් කියව ගන්ඩ කියල මම දන්නවා. ටික දවසක් යනකම් මුගේ මේ බයිලාව මම ඉවසන් හිටිය. සමහර දවසට කෝප්ප නැ තවත් දවසකට “වාස් මහත්තය මට ලොකු මහත්තය ඉක්මණටම බැංකුවට ගිහිං එන්ඩ කිව්වා” කියල මාරු වෙනවා. ජොබ් එකට ගිය අළුත ගණන් නොගෙන හිටියත් සතියක් විතර ගිහිනුත් මේකාගේ කිරියාකලාපය හරිගියේ නැතිනිසා ලොක්කොයි සොක්කොයි ඔක්කොමල ඉන්න වෙලාවක කාර්යාල කාර්ය සහායක කෙනෙක්ගේ ජොබ් රෙස්පොසිබිලිට්යිස් මොනවාද කියල මතක් කරලා දුන්න.
රට රස්සාවට යන්ඩ හැම දෙයක්ම සුදානම් කරගෙන විබාගෙත් පාස් වෙලා තිබුණත් මාස දෙක තුනත් ගියත් කිසිම තොරතුරක් ලැබුනේ නැ. ඒජන්සියට කථාකරත් තවම විසා එවල නැ මේ දවස් වල කොරියාවේ නිවාඩු කාලයක් වගේ දේවල් තමයි අහන්ඩ ලැබුණේ.ඉවසපන් හදවත කියල යටි හිත කියද්දි තව එකෙක් “ඔය ඒජන්සිය හොර එකක් උබේ සල්ලිත් නැතිවෙයි බලාගෙන හිටපං උබට රට නෙවෙයි යන්ඩ වෙන්නේ හඃ හඃ හාආආ” එකෙක් හිනා වෙනවා. හිතන්ඩ එපා ඒ ගමේ ඉන්න බුලත් විට කකා කෝපි කඩේ දාන් අදින සුටිං මාම හරි අනුන්ගේ දේවල් හොය හොයා යන මැගී ආච්ච් කියල මේ බුතයෙක් මු ඉන්නේ මගේ ඇග ඇතුළේ, හදිස්සියක් උණාම නැත්නම් නැත්නම් ගොඩක් වෙලා කල්පනා කරනකොට මේකා එළියට එනවා. පිටවුන් කියන දේවල් මේ කනින් අහල අනිත් කනින් එළියට දැම්මත් තමන්ගේ ඇග ඇතුළෙන් දැනෙන දෙයක් එක පාරටම අයින් කරලා දාන්ඩත් බෑ.
ඇත්තටම මට රට යන්ඩ බැරි වෙයිද?ඒජන්සිකාරයෝ කරන්නේ බොරුද?මම කොහොමද ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? හැමෝම මට හිනා වෙයි!
වාසුගේ මියගිය සිරුර සොයා ගැනුණේ වැවේ පාවෙමින් තිබියදීය. බලාපොරොත්තු සුන්වූ ඔහු ජීවිතය කෙළවර කර ගත්තේ කිසිවෙකුටත් නොදන්වා රහසේමය. නිහඩ චරිතයක්වූ වාසු ඔහුගේ නිහඩ බව නිසාම කිසිවෙකුගේවත් උපදෙසක් හෝ පිළිසරණක් නොපැතුවේය. වාසුගේ බලාපොරොත්තු කඩවීම නිසා ජීවිතය නැතිකර ගැනීම අනුමත කළ නොහැක. එහෙත් එකෙක්ව පාගා හෝ කකුලෙන් ඇද වැට්ටවීමට මාන බලන කුහක සමාජයක ජිවත් වනවාට වඩා මරණය සැපකයි විටෙක සිතේ.