Monday, March 7, 2016

පොල් කොන්ඩිගේ ආදරය, නිර්මාණ කරණයේ අත් පොත් තැබීම හා නිර්මාණ හොරු


පොල් කොන්ඩිගේ ආදරය, නිර්මාණ කරණයේ අත් පොත් තැබීම හා නිර්මාණ හොරු  

දැන් අපි ලොකු කොල්ලෝ, ලොකුයි කියුවට එච්චර ලොකුවකුත් නැ, හැබැයි හිතින් හරි ලොකුයි. බස් වල ෆුට් බෝඩ් එකේ යන්ඩ හරිම මනාපයි,හැබයි ස්කූල්බස් එකේනම් ලේසියෙන් පුට් බෝඩ් එකේ යන්ඩ චාන්ස් එකක් එන්නෙ නැ,ඕක බදුඅරං හිටියේ ඒලෙවල් ක්ලාස් වල අයියල.ස්කූල් බස් එක කියන්නේ රස සාගරයක්,ගොඩක් වෙලාවට ටීචර්ලා ඔය බස් එකේ ගියේ නැ.ඉස්කෝල දෙක තුනක ළමයි එක බස් එකේ යන්නේ දොර දෙකේ බස් එකක් උණත්සැමන්ටින් එකේ මාළු වගේ පැක් වෙනවා.මුලින්ම අපි බලන්නේ සිට්එකක වීදුරුව ළග පැත්තක ඉද ගන්ඩ,එතකොට කරදරයක් නැතුව යන්ඩ පුළුවන්.ඒත් සමහරුනම් කැමති හිටගෙන යන්ඩ, අපේ හෝල්ට් එකෙන් බස් එකට නගින අපිට වඩා ඉහළ පංතියක හිටපු කළු ගාමිණි කියන විදියට බස් එකේ හිටගෙන යන එකෙත් මාර ආතල් එකක් තියනවා.උදේට බස් එක අපේ හෝල්ට් එකට එනකොට කට කපල සෙනග.ගාමිණිය බස් එකට නගින්නේ දිග පටියක් තියන බෑග් එකත් කරේ පැත්තකින් එල්ලගෙන, එක අතකින් බෑග් එකත් ඉස්සරහට කරලා අල්ලගෙන,දැන් හොද තැනක් බලල පොඩි හේත්තුවක් දාගෙන යනවලු,තවටික දුරක් ගියහම බස් එක ඇගිල්ලක් ගහන්ඩ බැරිවෙන් ඩ ලෝඩ් වෙනවා,එතකොට මූ බෑග් එක හිමිහිට ගලවල සිට් එකක ඉදගෙන යන කෙනෙකුට දෙනවලු.(මේ වරහන් ඇතුලෙ දාන්නේ නොතේරුන අයට පැහැදිළි කිරීමක් හොදේ, ගාමිණිය හේත්තු වෙන්නේ කෙල්ලෙක්ගෙ ඇගට, ඊට පස්සේ හිරවෙලා තියන  බෑග්එක ගලවනකොට හිරවෙලා ඉන්න කෙනාගේ ඇදුමත් ඉස්සෙන බව සලකන්න.)
 කවුරු හරි වයස කියදකියල ඇහුවොත් අව්රුද්දක් අතින් දාල තමයි කියන්නේ,දවසක් ඉස්පිරිතාලේ ගිහිං හොර වයසක් කියල, චඃ දවසක් වස ලැජ්ජාවක් උනා, ඉස්කෝලෙදි දුවල වැටිලා දනිස් දෙකම හමගියා, ඉස්කෝලේ ඇරිලා එන ගමන් යාළුවෙක් එක්ක ගියා බෙහෙත් ටිකක් දාගන්ඩ, අවුරුද්දක් වැඩිපුර වයස කිවුවා, මෙන්න බොලේ ඩොකා අහපි මෙච්චර වයසද, කීයේ පංතියේද ඉගෙන ගන්නේ කියලා, හුහ් අහුවෙයි අපිනම් ඕවට, මම ඉන්න පංතියට එකක් වැඩියෙන් කිවුවා, කෝමද මගේ මොළේ, හෙහ් හෙහ්.
ඉස්කෝලේ ඇරිල ඇවිත් අපි යනව පොල්කෑල්ලේ ක්‍රිකට් ගහන්ඩ (මා පියාණන්ට හොරෙන් යන්නේ )
කොල්ලව පොල්කෑල්ලෙ සෙල්ලම් කරන්ඩ යවන්ඩ එපාඑදවස අප පියානෝ මව්තුමියට කියනවා,අපටත් ඇහෙන්ඩ තමයි කියන්නේ,ඒ උනාට ඕව මතක නැ ටිකවෙලාවකින් ,අනික ඉස්කෝලේ ඇරිලා ඇවිත් පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්නම් කිවුවම එපා කියන අම්මලා ඒ දවස් වල හිටියේ නැ.පොල් කෑල්ලේ පිට්ටනියට  කොල්ලෝ බල්ලෝ ගංජා කාරයෝ බජාර් එකේ චන්ඩි ඔක්කම එනවා,රබ්බඩයගේ පුතා කුමාර හෙනට කැටයම් දාගෙන හිටිය පොරක්. උන්ගේ තාත්ත කරේ පුවක් බිස්නස් ඒකට රබ්බඩයා කියල නම වැටුණ. කුමාරයා කිවුවේ ඌ රත්නපුරේ සීවලී මාස්ටර්ගේ පංති ගියා දුබුරු පටි වෙනකල් කරාටේ ඉගෙන ගත්තා කියල. සීවලී මාස්ටර්ට අපේ පැත්තෙත් මාර පිළිගැනීමක් තිබුණේ, ඒ කාලේ කරාටි පංති වැහිවහැල.
අපි ක්‍රිකට් ගහල පොඩි කයියක් එහෙම ගහල තමයි ආපහු ගෙදර එන්නෙ. ඔහොම කථා කරකර ඉන්නකොට ලොකු කොල්ලෝ කෙල්ලන්ව යාළු කරගන්ඩ යන ඒවා කථා වෙනවා, උන් කියන්නේ පෙරන්ඩ යනව කියල, අපිට මේවා හෙන මැජික්, මටත් ලාවට අයිඩියා එකක් ආව කෙල්ලෙක් සැට් කරගන්ඩ ඕනේ කියල. අරුන්ට විස්තර කියන්ඩත් පුළුවන්නේ , මේ වෙනකොට මම ගමේ ඉස්කෝලෙන් මහා විද්‍යාලෙට ගිහිං තිබුණේ.
 අපේ ඉස්කෝලේ ඉස්සරහ මිදුළ හැම පංතියකටම බෙදල දීල තිබුණේ අතු ගාන්ඩ, තමන්ගේ පංතිය ඉස්සරහ කොටස ඒ පංතියේ ළමයි අතු ගාන්ඩ ඕනේ. හැම පංතියකම වාගේ අපේ පංතියේත් කෙල්ලෝ පංතිය අතුගෑව අපි මිදුළ අතු ගෑවා.එදා බ්‍රහස්පතින්දා දවසක් මටයි තව දෙන්නෙකුටයි එදා අතු ගාන්ඩ තිබුණේ,
අඩෝ උඹලා ඉදල ගෙනාවද කියාගෙන නිසාන්තය අපි ඉන්න දිහාවට ආව,
පිස්සුද බං උබමනේ දැන් ඉදල ගේන්නම් කියල පංතිය ඇතුළට ගියේ. එහෙම කිවුවෙ ලපයා.
 අපේ පංතියේ තිබ්බ ඉදල වෙන පංතියක වුන් ටිකක් උස්සලා,
ඉස්කෝලේ පටන්ගන්ඩත් ළගයි,
උඹ  හොදට හැම තැනම  හොයල බැලුවද? අපි මුගෙන් ඇහුව.
අඩෝ මම කල්දේරා නෙවෙයි මගේ ඇ ස්  හොදට පේනවා.
හරි හරි දැන් වෙන පංතියකින් හරි ඉල්ලං ටක් ගාලා මේක ඉවරයක් කරමු දැන් බෙල් එක ගහන්ඩත් ළගයි.
ඒත් කව්රුත් වෙන පංති වලට යන්ඩ කැමති නැ,
මේ අර කෙල්ලට කියහන්කෝ බි පංතියෙන් ඉදල පොඩ්ඩකට ඉල්ලගෙන එන්ඩ කියල
ඒ කෙල්ල තමා බි පංතියේ ඉදලා අපේ පංතියට ආව ******* දිග බෙල්ලක්, දිළිසන ඇස් දෙකක් තියෙන, කොන්ඩේ අස්ස වලිගයක් වගේ උඩින් බැඳගෙන ආව හැමෝම එක්ක හිනාවෙලා කථා කරන අපි විහිළුවට කිවුවේ පොල්කොන්ඩි කියලා 
හිටපල්ලා මම කියන්නම් කියල මම වීරයා වගෙ ඉදිරිපත් උනා, අඩෝ මෙන්න මු කවදාවත් නැතුව කියල ලපය කෑගහනවා මට පිටිපස්සෙන් ඇහුණා මම මට නෙමේ වගේ පංතිය පැත්තට ඇවිත් කොට බිත්තියෙන් ඔළුව දාල ඒ දිළිසෙන ඇස් තියෙන කෙල්ලව හෙවුවා. ඔය ඉන්නේ පොඩි කඩයක් ඇරන්
පොඩි උදව්වක් කරන්ඩ පුළුවන්ද? මම බොහොම අහිංසක විදියට ඇහුවා.
ඇයි අපේ ඉදල නැද්ද
ඒක කව්රු හරි ගෙනිහිල්ල ඔයා බි පංතියේ ළමයි අදුරනවනේ ඉල්ලලා දෙන්ඩ බැරිද ?
මම ඇදාල පැදලා බොහොම සාන්ත දාන්ත විදියට ඇහුවා.
විනාඩියෙන් දුවල ගිහිං හැරෙන තැපෑලෙන් ඉදලක් හොයාගෙන ඇවිත් දුන්නා. ලපයයි අනිකයි කොරවෙලා බලාගෙන ඉන්නවා.
දැන් මම ඉදල ගෙනත් දුන්නනේ උඹලා  දෙන්නා මටත් එක්ක අතු ගාපල්ලා කියල මං කිව්වා, එතකොට අරුන් දෙන්නා කෑගහනවා උබ නෙවෙයිනේ ඉදල ගෙනාවේ පොල්කොන්ඩිනේ කියල
ඉස්කෝලේ යන්ඩ බැරිඋන දවස් වල සටහන් ලියල දෙන්ඩ අනික් පංතියෙන් අච්චු පොත් ඉල්ලලා දෙන්ඩ වගේ උදව් ගොඩක් ලැබුණා, ඒ එක පංතියේ  යාළු කමට වෙන්ඩ ඇති ඒත් ගෙදර ගිහිං මම ලස්සන දවල් හීන බැලුවා. යාළුවොත් බයිට් කරා ඒත් ඊට වඩා දෙයක් උනේ නැ.
ඉස්කෝලේ ගුරුවරු නැති පීරියඩ් වලට පුස්තකාලයට යන්ඩ නැත්නම් කවි පදයක් දෙකක් කුරුටු ගාන්ඩ මම පුරුදු වෙලා හිටියා. අපිට සිංහල උගන්වපු ටීචර් දවසක් මේක දැකල පංතියටම ඇහෙන්ඩ මගෙ කවියක් කියල අනික් අයටත් මොනවා හරි නිර්මාණයක් ලියාගෙන එන්ඩ කිව්වා. හැම දවසෙම සිංහල පාඩම ඉවර කරලා නිර්මාණ බැලුවා. ටික දවසක් ආසාවෙන් කළත් පහුවෙනකොට ළමයි වැඩේට කම්මැලි උනා.හැමදාම කවි කථා ලියන්ඩ පුළුවනැයි,නිර්මාණ කරනවා කියන්නේ සිංහල පොත බලාගෙන  පිටපත් ලිවීම් ලියනව වගේ නෙවෙයිනේ, එක ළමයෙක් පරණ රසවාහිනී සගරාවකින් කවි කොපි කරලා ටිචට මාට්ටු උනා.ඊට පස්සේ ටිචත් ඒ ගැන වැඩිය උනන්දු උනේ නැහැ. අපිත් වැඩේ අල්ලලා දැම්ම.ඔය පහළින් දාල තියෙන්නේ ඒ දවස්වල ලියපු කවියක්.

හැම  සැපසම්පතක්  අපිවෙනුවෙන් කැපකරපු
බත් මුට්ට්යේ අඩියම හැමදා  රසවිදපු,
දුක්කම්කටුලු මහමෙරසේ උසුලාපු
මතු බුදුවෙයන් අම්මේ අපෙ පින් කරපු.

විදි වේදනා ජිවිතේ
කටුක බව නොතකා
සිතුවේ පැතුවේ ඔබ
අප ගැනයි සැමදා

දිනුම් කණුවේ ළගට ඇවිත්
ඈත ඉදං හිනහාවෙන
අහසෙ ඉදං බලන් ඉන්න 
අපෙ අප්පච්චි

හීනෙන්වත් හිනාවෙයන් අපෙ අප්පච්චි
කදුළු ගල්වෙලා නැ තව
තවම ගලනවා අප්පච්චි
පන්සල් ගියාට බණපද ඇහුවට
දුක අඩුවෙන්නැ  අප්පච්චි
හීනෙන්වත් ඇවිත් යන්න සුදු අප්පච්චි








22 comments:

  1. ඔය දෙන්නා තමා අන්තිමට ඉතුරු වන්නේ...... නැතිබැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ දෙපළයි...

    ReplyDelete
  2. ඒක පාර්ශ්වීය ප්‍රේම කතා නං වැහි වැහැල නේ බං. හැක්..
    කවිය නං ලස්සනයි...
    ඒදවස් වල ඔහොම ලිව්ව කියන්නෙ දැං පට්ටෙටම ඇති

    ReplyDelete
  3. කවිය නියමයි කුකුල් ! ලිවිල්ලත් එන්න එන්නම රසවත් වෙනවනෙ . මං නම් මාර ලයික් ඈ......

    ReplyDelete
  4. උඹ කුකුල් වැඩ කරන්න තියේ නැද්ද ඔය කාලේ.

    ReplyDelete
  5. Ape ekekuth tikat bageta train eke gihin ahuwela ohoma wayasa hadala kiyala nathiwennama chter una ban. Mama e seen eka liwwa "Bulage Vikrmaya" post eke. Link eka copy karanna visiyak ne me comment eka kotane phone eken nisa.

    ReplyDelete
  6. Ape ekekuth tikat bageta train eke gihin ahuwela ohoma wayasa hadala kiyala nathiwennama chter una ban. Mama e seen eka liwwa "Bulage Vikrmaya" post eke. Link eka copy karanna visiyak ne me comment eka kotane phone eken nisa.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කථා
      ස්තුති ආවාට, මට ඒ පොස්ට් එක මග ඇරිලා, ගිහින් බලන්නම්.

      Delete
  7. කුකුළා උනාට පොල්කොන්ඩිව දාගෙන නෑ නේ අයිෂු...
    කවි පේලි ටික ලස්සනයි..අම්මයි තාත්තයි තමයි හැමදේටම ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මොන ලව්ද,,,ආපු නැතිදාට නොට් ලියන්ඩ, අච්චු පොත් ඉල්ලගන්ඩ ඕව තමයි.

      Delete
  8. කෝ දැන් උබයි පොල්කොන්ඩියි ලව් කරපු හරිය??

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් ඇහුවා දැන් උබ කෙල්ලෙක්ව දාගෙන මොකද කරන්නේ කියල,, මං කල්පනා කළා, ගෙදර ගිහිනුත් කල්පනා කළා , මුකුත් හිතට එන්නෑ, පොඩි කාලෙනේ....

      Delete
  9. අනෙ උඹෙ ලව් එක...!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්....
      A / L කරද්දීත් කෙල්ලෙකුට ලව් කරා අව්රුදු දෙකක්ම, හැබැයි කෙල්ලගෙන් ඇහුවේ එග්සම් එකට ක්ලාස් නවත්වන්ඩ සතියකට කළින්. කෙල්ල බෑ කිව්වා. කොල්ලෙක් ඉන්නවා කියල.හික් හික්.හික්

      Delete
  10. ඔන්න මාත් ආවා කුකුල් කොටුවට!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම් හන්චි..

      Delete
  11. ආ ok ok දැන් ඉතින් මට කොටන්න වගේ බලන්නෙ එන්න පරක්කු උන නිසානේ..හැක් හැක්....සෝයි කොක්කෝ...නියමයි බොල​..

    ReplyDelete