Thursday, June 2, 2016

සීයාගේ කෝට් එක



සීයාගේ කෝට් එක
ලංකාවේ ජල ගැලීම් නිසා විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි විය, විශාල පිරිසකට තාවකාලිකව හෝ තම නිවස්න වලින් පිටවී තාවකාලික නවාතැන් වලට යාමට සිදුවිය. ගංවතුර මිනිස්සුන්ගේ මනුස්සකම මෙන්ම අමනකමද ප්‍රදර්ශනය කළේය. මුහුණු පොතේ නලින් හා ඔහුගේ මිතුරු කැල දියත්කළ අවතැන් වුවන් සදහා කෑම පැකට් එකතු කිරීම අමු අමුවේ කොපි කල ජනප්‍රිය රුපවාහිනී නාළිකාවක නිරුවත දැක ගැනීමට හැකි වුයේ දැන් ඕනෑවටත් වඩා කෑම ලැබෙනවා කියා බොරුද කියමින් ප්‍රේක්ෂකයා ඉදිරියේ ඇදී වත උනා දැමීමෙනි. මේ සොයුරන් විසින් කරන නිවාස ලිං පිරිසිදු කිරීමත් හෙට දිනයේ තවත් මඩජාලයක් කොපි කරනවා නම් හොදය.ඒත් කොපි කරන්නන්ට අවශ්‍ය සේවයක් කිරිමද, පුහු ජනප්‍රියත්වයද යන්න විමසා බැලීම වටී. ඒ අතරම බසු පවුල හා මිතුරන්ගේ සටහන් පොත් ලබාදීමේ වැඩ පිළිවෙළට කුකුලාගේ හද පිරි මෙව්වා එක පිරිනමනවාය. මේ අතර සිංහල හා මුස්ලිම් මිනිසුන් භේද කිරීමට පිරිසක් මඩ පෝස්ට් ෂෙයා කරනවා කණගාටුවෙන් යුතුව බලා සිටියෙමි.
අපේ තාත්තාගේ පියාට කෝට් කිහිපයක්ම තිබුණි. සියා මියගියද එයින් කෝට් කිහිපයක්ම ආච්චි අම්මා විසින් ඇයගේ අල්මාරියේ දමා පරිස්සම් කළාය. ඒ අතර පිත්තල බොත්තම් ඇල්ලු දුබුරු පැහැ කෝට් එක මගේ සිත පැහැර ගත්තේය. මසකට පමණ වරක් සිදුකරන අල්මාරි අස්කිරීමේ මහා ශ්‍රමදානයේදී සියාගේ පරණ බඩු අල්ලා බැලීමට අපට හැකි විය. ඒ අතරින් සියාගේ රිදී හවඩිය (මෙය ඉණේ බදින පටියකට සමානය) ආච්චි අම්මාගේ බොහෝ වර්ණනාවට පාත්‍ර විය. දිනක් මා පුදුමයට පත්කරමින් තද දුබුරු හා කළු පැහැ මිශ්‍ර  වර්ණයක් ඇති සියාගේ කෝට් එකක් මට දුන් ආච්චි අම්මා මෙය ගෙදර ගෙනියන ලෙසත් මේ දවස් වල පාන්දර සීතලට ඇද ගෙන නිදා ගන්ඩයයි කිවේය.
ඇදලා බලන්ඩ පුතේයයි නැන්දා කීවාය.
දන හිසනුත් පහළට වැටුණු එහි අත්දෙකත් අගල් කිහිපයක්ම දිගය.
මේ ළමයාට මේක ලොකු වැඩියිනැන්දා මගේ නිදානය පැහැර ගැනීමට තැත් කරනවාසේ මට දැනුණි
සිතලට අදින්ඩ නේ මගුල් ගෙදරකට අදින්ඩ නෙවෙයිනේආච්චි අම්මා මාව රැක ගත්තේය.
සීතලට ඇදීම කෙසේ වෙතත් මෙය හොරා පොලිස් සෙල්ලමේදී පොලිස් ඇදුම ලෙසත් රහස් පරීක්ෂක සෙල්ලමේදීත් නැතුවම බැරි දෙයක් විය.
දකුණේ භිෂනය රජවූ 88/89 වසර වල කළු ඇදුම්, ගම්පෙරළිය නවකථා පොත්  තිබුණු ගෙවල් වල කොල්ලන්, පොලීසිය නිළ හා නොනිළ හමුදා විසින් වැඩි ආරක්ෂාවට කදවුරු වල ගාල් කරන්නට හා මහපාරේ රංචු පිටින් ආදාහනය කරන්නට  පටන් ගත් බැවින් සියාගේ කෝට් එක පමණක් නොව රුසියන් පොත් කිහිපයක්ද ගිණි දෙවියාට පිදීමට සිදු විය.
ඔන්න ඕක පුච්චලා දාහන්කිව්වද තාත්තාගේ ඇස්වල වූ දුක්බර බව තවම මතකයට ඒ.

අතීත මතකයන්  ඇවිස්සුනේ ගිය සතියේ කුකුළාට ලැබුණු  කෝට් බෑය නිසාය. උත්සව අවස්ථාවලදී VIP අමුත්තෙකු සහබාගි වනවා නම් ටයිඑක විතරක් නෙවෙයි කෝට් බැයත් දැමිය යුතුය කියා පොසිඩියර් එකක් ඇවිත්ය.

6 comments:

  1. නලීන්ලගේ නිවාස පවිත්‍රකිරීමේ වැඩේ මුන් කරගහන්නේ නැත්තේ වැඩේ අමාරු නිසා.

    ඉස්සර සරමයි කෝට් එකයි ඇන්දේ ජැන්ඩි පහේ උදවියනේ.

    ReplyDelete
  2. ගං වතුර අවස්ථාව සමහර උදවිය ලකුනු දාගන්න පාවිච්චි කරපු එක ගැන නම් කනගාටුයි..

    ReplyDelete
  3. වැඩක් හරියට කරන එකාට ඒවට ලකුණු දාගන්න ඕන වෙන්නෙ නෑ කුකුළො.

    උඹලට ප්‍රොසීඩියර් විතරද ආවෙ ප්‍රොටෝකෝල් ආවෙ නැද්ද? හැක්..

    ReplyDelete
  4. ගංවතුර ආවේ ඔක්කොටම

    ReplyDelete
  5. මහත්මා ගාන්දි තුමා කීව එක මතකයි නේ කුකුලෝ...ලකුනු දමා ගන්ඩ හදන්නෙ වැඩ නොකරපු මිනිස්සු බව

    ReplyDelete
  6. බොරදියේ මළු බාන කට්ටිය තමා වැඩි

    ReplyDelete