Sunday, May 1, 2016

අවුරුදු වලින් පසු


අවුරුදු අපිව කෑවාද

කොහොමද සහෝදර වරුනි මිත්‍රවරුනි අවුරුදු කෑවද? මට හිතෙන්නේ අවුරුදු අපිව කෑව කියල. බ්ලොග් පොස්ට් එකක් ලියන්ඩ් කියල කොම්පීටරේ ළග ඉදගත්තා විතරයි අල්ලපු ගෙදර පොඩි කෙළි කෑගහනවා මමී  දවල්ට උයන්ඩ රයිස් නෑකියල, ඊට පස්සේ ඇහෙනවා ඩෑඩි නො රයිස්කියල. දැන් මොකේද දන් වළදන්නේ කිව්වලු. පොෂ් කියල පිටට පෙන්නුවට සමහරු නිකම්ම හිස් කියල කුකුලට හිතෙනව. තරහකින් ලියනවා නෙවෙයි දාස් ගණන් වියදම් කරලා පාටි දාන වුන් හිගන්නෙක් දැක්කම මුන් හිගාකාල සල්ලි හොයන්නේ හවසට කසිප්පු  බොන්ඩ කියල ළග ඉන්න මනුස්සය දෙන්ඩ හදන රුපියල් පහ වළක්වන උනුත් ඉන්න රටක් මේක.
ජිවිතයක් ලැබිල තියෙන්නේ විඳවන්ඩ නෙවෙයි විදින්ඩ, මේ ජිවිතේ ආයේ ලැබෙන්නේ නැ ඒක නිසා පුල් ආතල් එකේ ඉන්ඩ ඕනෙ කියල පිස්සු නටන එක හරිද? ලබන ආත්මයක් තිබුණත් නැතත් හැම දේකම අන්තයට නොයා මැදුම් පිළිවෙතින් ජිවත් වෙනවනම් හොදයි කියලයි කුකුලට හිතෙන්නේ. 96 වර්ල්ඩ් කප් එකේ අන්තිම මැච් එක වෙලාවේ තමන්ගේ බිරිදට ළමයෙක් හම්බවෙන්ඩ අමාරු වෙලා ත්‍රීවිල් එකක් ගේන්ඩ පාරට ඇවිදින් ඒක ටිකකට කල්දාල මැච් එකේ අවසන් ඕවර් කිහිපය බලපු මිනිස්සු ඉන්න රටක් මේක. ඉතිං රැට කන්ඩ කෑම ගේන්ඩ ගිහිං ඒ සල්ලි වලින් යාළුවොත් එක්ක බීලා ගෙදර ඇවිත් ගෙවල් වල ඉන්න මිනිස්සු එක්කත් රණ්ඩු කර ගන්න අය ඕනෙ තරම් ඉන්නවා.
ලව් බෙගර්ස්” -  ආදර හිගන්නෝ
මනොමයෙන් ලව් කරපු අපිට ආදරය හිගාකෑම ගැන උගන් වන්ඩ එන්ඩ එපා මහත්තයෝ. ආදරය හිගාකෑම මානව පරිනාමයටත් පෙර සිට පැවතගෙන එන සම්ප්‍රදායක් නැත්නම් සිරිතක් ලෙස කුකුළාට හිතෙනවාය. සෑම සත්ව කොට්ටාසයකම පොදු ලක්සනයක් ලෙසත් මෙය දැකිය හැකිය. දැන් බලන්ඩ කොහාත් මාර්තු අප්‍රිල් කෑගහල කෑගහල ඒත් හරිගියේ නැත්නම් මැයි මාසෙත් කෑගහල බලන්නේ අහල පහළ ගෑල්ලමයෙක් නැත්නම් කෙවිලියක් ඉන්නවද කියලාය. මෙහෙම කෑගැහිමත් එක්තරා හිගා කෑමක් ලෙස කුකුළාට හිතෙනවාය. හිගාකැවාට අවුලක් නැත. ඒත් බැ කිව්වා කියල ජිවිතේ නැතිකර ගැනීම නම් අනුමත කරන්ඩ බැරිය. මොකද තමන්ට ආදරයක් නැති කෙනෙක් වෙනුවෙන් ජිවිතේ නැතිකර ගැනීම මෙලෝ රහක් නැති වැඩක් කියල හිතෙන නිසාය. සමහරු ජිවිතේ නැතිකර ගන්නේ තව කෙනෙකුට රිද්දවන්නටය, මේක නම් සිරා ජෝක් එකක් කියල හිතෙන්නේ මටම විතරද මන්දා. ඒත් මේ ආදරය යැදීම් මේ ලෝකය පවතින තුරාම තියෙනු ඇත. ඒත් ඔය හිගාකා සෙට් කර ගන්නා ඒවා අන්තිමේදී වහ කදුරු වන අවස්ථාත් නැත්තේම නැත. ඒක නිසා හිගා කෑමත් ඕනෙවට වඩා ඕනෙම නැ කියල කුකුළා හිතනවාය.
මුස්ලිම් කඩ වර්ජනය රුපියල් විස්සක නෙට් කාඩ් එකක් දාගෙන මූනු බක්කියේ චන්ඩින් වී සිටින අය අහවල් රෙදි කඩ වලින් රෙදි ගන්ඩ එපා කියමින් කෑගහන්නේ වෙන රටකට වෙන ජාතියකට අයිති මුර්දුකාන්ගයකිනි. මා හිතන විදියට මේ සිගාලයන් කන්නේ බත් නොව තණකොළ විය යුතුය. නැත්නම් චීනයේ හෝ කොරියාවේ හදන ෆෝන් එකකින් ගන්නා පිංතුරයක් වෙනත් ජාතිකයෙක් විසින් සොයා ගන්නා ලද පරිගණක තාක්ෂණයක් බාවිතා කර මෙවැනි දෙකේ පන්තියේ විහිළු නොකරනු ඇත. අන්තර් ජාලය මුළු ලෝකයම අප දෙපා මුලට ගෙනවිත් ඇති අවස්ථාවක එකම රටක ජිවත්වන අපි ජාතින් වශයෙන් බෙදී කාකොටා ගන්නේ මොකටද කියා දන්නේ කතරගම දෙවියන් පමණි. ඉන්දියාවේ සිට පැමිණ සිංහල දෙමළ සැමටම ජාති බේදයකින් තොරව  ඔහු සැමගේ කන්නලව්ව අසා සිටි. මුහුණු පොතේ ජාති වාදය වපුරන්නෝ කතරගම දේවාලයට හෝ වෙනත් දේවාලයකට ගොස් නැතිව ඇතයි ඔබ සිතනවාද? මේ බොහෝ දෙවි වරු මේඩ් ඉන් ඉන්ඩියාබව සමහරවිට මේ පැන්චන් නොදන්නවා ඇත. එසේම ඔවුන් ඔබ අප්‍රිය කරන හෙලා දකින දෙමළ ජාතිකයින් වීමටත් බැරි නැත. ලේ දෙන්ඩ පුළුවන් මොලේ දෙන්ඩ බැ කියල කියන්නේ කට කහනවට නෙවෙයි නේද?
                        නැවත හමුවෙමු, මීට ඔබේ හිතවත්

                                                                          ගං කුකුළා.

24 comments:

  1. අපේ රට හදන්න ටිකක් අමාරුයි කුකුලෝ.

    ReplyDelete
  2. මොළේ ටිකක් හරි පාවිච්චි කරන්න පුලුවන් එවුවො සමාජ ජාලයක් කියන්නෙ ඔය වගේ සිඟිති ආතල් ගන්න තියෙන තැනක් නෙමෙයි කියල ටිකක් හරි තේරුං ගන්නව බං.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඕක වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ මඩ ගහන්ඩ නේද?

      Delete
  3. ඒක ඇත්ත කුකුලෝ...
    ලේ දෙන්න පුලුවන් මොලේ දෙන්න බෑ..
    වකුගඩු, අක්මා, ඇස් වගේ අවයව බද්ධ කරන්න පුලුවන්.. මොලේකුත් එහෙම බද්ධ කරන්න පුලුවන් ද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. බ්‍රේන් වොෂ් කරමුද?

      Delete
  4. ගං කුකුලගෙ කොටුවට ආවෙ අදයි. ගං කුකුල්ලු වුනාම කොටුවෙන් එලියෙත් රඟන්න ඕන. ජයවේවා. ගිහිං එන්නං.

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකින් ආවේ. හික් හක්.පුළුවන් හැම වෙලේම මම බ්ලොග් කියවල කමෙන්ට් කරනවා.

      Delete
  5. මෙදා පාර කොටල තියෙන්නෙ නැති වෙන්න.. හෙහ්. කොටද්දි කොටන්න ඕන හොදි නැතිවෙන්න
    හෙහ්

    ReplyDelete
  6. “මේඩ් ඉන් ඉන්ඩියා”

    බුදුන් වහන්සේත් එහෙමනේ බං. ඒ උනාට කොහොමද අපේ උන් ඉන්දියාවට දාන ගනන්.

    ReplyDelete
    Replies
    1. එත් දැන් තියන සටන්කාමී අනිත් එවුන්ට හොම්බට අනින්න යන බුද්දාගම "මේඩ් ඉන් සිරි ලන්කා"නෙ

      Delete
    2. ඒ අනින බුද්ධාගම නම් මේඩ් ඉන් නොවෙයාර්.

      Delete
  7. ඕං කුකුල් කොටලා නියම තැනට.....

    ReplyDelete
  8. මැලේසියාව වගේ රට වල නම් බෙදීම් නැ. එත් ඒ රටේ විවිධ ජාතින් ජීවත් වෙනවා.දැන් ඒ රට ගොඩක් දියුණු රටක් වෙලා තියනවා. උත්සහ කලොත් අපිටත් බැරි වෙන එකක් නැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවත් ඒ වගේ වෙයි තව අවුරුදු 2500ක් විතර ගියාම.

      Delete
  9. ගං කුකුළෙක් කාපු කාලයක් මතක නෑ බං.

    ReplyDelete
    Replies
    1. ගං කිකිළියෙක්වත් කෑවේ නැද්ද ලඟදි?

      Delete
    2. රට පිට ඉන්නකොට ඔහොම තමා හැලපයියේ.

      Delete
  10. මට අපේ එකෙක් කිව්වා ඌ ඇන්ටි මුස්ලිම් කියලා. මම ඇහුවා එතකොට අන්කල් ටැමිල්ද කියලා. පොරට මොනවා හිතුනද මන්දා.

    ReplyDelete
    Replies
    1. පොර කරකවල අතෑරියා වගේ වෙන්ඩ ඇති.

      Delete
  11. //ලේ දෙන්ඩ පුළුවන් මොලේ දෙන්ඩ බැ ///
    නියම කතාවක්.. :) :)

    ReplyDelete