උපතින්ම බවුද්දයෙක්
බැවින් කුකුළා පොඩි කාලයේ සිටම ජාති වාදියෙක් විය.පැටියා කාලයේ හිතුනේ දෙමළුන් හා
අනෙකුත් ජාතිකයන් සිංහලයන්ට වඩා පහත් ජාතින් ලෙසය, හිතට දුක මේ පොඩි වුන්ගේ මානසික
තත්වයෙන්ම සිතන මහවුන් මහා ගොඩක් ලංකාවේ සිටින බව දකින විටය. කුඩා කළ දුටුගැමුණු රජතුමාගේ කථාව කියාදුන්
ගුරුවරු පවා ජාති ආලය ඉලිප්පුවා විනා එළාරගේ සොහොනට ගරු කරන ලෙස දුටුගැමුණු රජතුමා
කළ ප්‍රකාශය කිසි විටෙකත් අවදාරණය නොකළේය.හරියට කිස්තියානි ගුරුවරයෙක් මානව පරිණාමය
උගන්නුවා වාගෙය. අපේ ජාතික විරයන් සිංහල ජාතිය බේරාගත් විරුවන් ලෙස ගුරුවරුන් පවා
උගන්වනවා කියා සිතෙන්නේ මට විතරද? “අනේ කුහුබින්නේ තොපටත් රජෙක් ඉන්නේ” කියා අපි
වහලුන් කිරීමට ඇද දමන අමන රජුන්,සෙන්පතියන් අදත් සිටින බවත් ඔවුන්ට වදින කොටසකුත් අප
අතරම සිටින බවත් දැනෙන්නේ මටම විතරද?
කොරන්ඩ ඇති
අටමගලයක් නැති නිසා කුකුළා තුන් තිස් පැයේම මුහුණු පොතේ කරක් ගහනවාය. දැන් දැන්
මුහුණු පොතේ ජනමතයට ආණ්ඩුවත් කන්දෙනවා වැනි කොළ එළියක් පෙනෙන්නේ කෝටි ගාණක් වියදම්
කර ගෙබි ඇමතිවරුන්ට(පනින සියල්ලෝ ගෙම්බෝ නොවේ..හික්.හික්..) මහජන සේවයට ගේනවා කියූ
සුපිරි කාර්(මෙව්වා සමහර ගම්වල පාරවල් වල යන්ඩ පුලුවන්ද මන්ද හිටං) ගේන්නේ නැතුව ඒ
මුදල් විසාලාවක් වුන සාලාවේ අවට මිනිසුන්ගේ සුබ සාදනයට යොදවන බව දැන්වීමෙනි.
කොස්ගම සිදුවීමෙන් පසු ෆේස් බුක් යුද විශේෂ අග්නයෝ හා බුදු පිළිම වන්දනා
කරුවෝ(මොවුන් පෝයකටවත් පන්සල් යනවාද කියා ෂුවර් නැත) සැමටම විහිළු
සැපයුහ.නොපිපිරුණු උණ්ඩයක් බිත්තියක් පසාරු වීගෙන ඇවිත් ඇති ආකාරයත් බුදු පින්තූරයට
ඉන් හානියක් නොවී ඇති ආකාරයත් දැක්වෙන පෝස්ට් මුහුණු පොතේ අතිනත යනවා දුටුවෙමි. සම
හරක්ට පිළිමේ බේරිලා මිනිස්සු දාහක් මළත් අවුලක් නැත..
කොස්ගම බෝම්බ
පිපුරුණේ හදිසි අනතුරක් නිසා විය හැක. ඒත් උතුරේ හා නැගෙනහිර තිස් වසරක් ගිණි
ඇවිලුනි, දිනපතා කාලතුවක්කු උණ්ඩ හා ගුවන් ප්‍රහාර එල්ල වුණි. දකුණේ බෝම්බයක්
පිපිරෙන විට යුද්දය අපිට දැනුණත් උතුරේ හා නැගෙනහිර ජනතාව පත්වූ තත්වය අපට සිතාගැනිමටවත්
නොහැක. කිලෝමීටරයක වපසරියක විනාශය ගැන කම්පාවෙන අපි අපේම සහෝදර ජනතාවකගේ දශක
තුනකටත් වඩා වැඩි කලක් පැවති යුද්දයෙන් සිදුවූ දහස් සන්කයාත ජිවිත දේපළ හානි ගැන අනුකම්පාසහගත
සිතුවිල්ලක්වත් ඇති කර ගත්තාදොයි කියා මොහොතක් කල්පනා කිරීම වටී..
ගං කුකුළා.
ඔය බුදුපිළිම දැක්ක උන්ට අර කෑම්ප් එක මැද කිසිම අනතුරක් නොවී බේරුන වතුර ටැංකිය පෙනුනෙ නැද්ද?
ReplyDeleteප්‍රසා අයියා උඹේ මේ කතා වලට තවත් සම්මන දෙන්න හිතෙනවා අම්මපා.......
Deleteඔච්චර සම්මාන තියන්න ගෙදර ඉඩ නෑ බොල. හැක්..
Deleteආගම් මායාවෙන් අන්දවෙලා..
Deleteගං කුකුළා නියමෙට ඇස් ඇරවලා......... ඒ ගෙවල් හදලා දෙන්න ඇමරිකාවේ හමුදාවවත් එන්නේ නැතෑ නේද බං....
ReplyDeleteඅපේ මිනිස්සු කවද හැදෙයිද මන්ද...
Deleteකුකුලට නුවණ පහල වෙලා වගේ. අපේ උන්ට ඕව ගෙන කියන්න ගිහින් මම කෙලවා ගත් අවස්ථා රැසකි. සියලු දෙනා මිනිසුන් බව වටහා ගත් දවසට ඔක්කොම දිනුම්.
ReplyDeleteකියල වැඩක් නෑ බ්‍රෝ...
Deleteනියම කතා ටිකක් කුකුල් !
ReplyDelete