Saturday, February 6, 2016

පැටියා කාලේ


මට  වතුර ටිකක් දෙන්ඩකෝ,
ඒ එරන්ගයා ඌ උසයි මම වගේ දෙකක් මහතයි. ටිචත් ඌට සපෝර්ට්  සිල්ලර බඩු ගන්නේ උන්ගේ කඩෙන්නේ.
මගෙ වතුර ටිකයි තියෙන්නේ ඒක මට ඕනේ. අම්ම ගෙදරින් එනකොට කියන්නේ උණු කරපු වතුර දාල තියෙන්නේ, ඉස්කෝලේ පිල්ලේ වතුර එහෙම බොනවා නෙවෙයි, බඩ යන්ඩ අරන් ඉස්පිරිතාලේ නවතිනඩ වෙයි,
මට  වතුර ටිකක් දෙන්ඩ බැයි ද එරන්ගයා ආයෙත් කෑගහනවා.
වතුර පොඩ්ඩයි තියෙන්නේ, මමත් අරින්නැ
දෙන්ඩ බැරිද
බෑ තමයි
උබ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙලා ඉපදෙයි, එරන්ගයා පන්තියටම ඇහෙන්ඩ කෑ ගහනවා.
කෑදැත්තා කියන්නේ කුරුල්ලෙක් බව දැනගෙන හිටියත් ළග ඉන්න ළමයාගෙන් කෝකටත් කියල මම විස්තර අහනවා,
මොකද බං එරන්ගයා මට කෑදැත්තෙක් වෙයි කියල කිඋවේ,
කෑදැත්තට වතුර බොන්ඩ බැරිලු බොන වතුර උගෙ බෙල්ලේ තියන සිදුරකින් පිටට යනවලු, චමින්දය මට කියල දෙනවා.
එරංග ආ වතුර බෝතලේ මටත් ටිකක් ඉතුරු කරපන්, මම කියනවා,
ආයේ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙන්නේ මොකටද......!!!.
බෝතලේ වතුර වලට වඩා ඉස්කෝලේ කන්දෙන් එන වතුර සීතලයි, රසයි,ඇල ඉවුර දෙපත්තේම පොඩි වතුර උල්පත් තියනවා ඒවට අන්නාසි කොලයක් ගහල ගත්තම ටැප් එකෙන් වතුර එනවා වගේ වතුර පාරක් ගලාගෙන එනවා, දැන් තියෙන්නේ පිළිවෙලට පොරකකා වතුර බොන්ඩ, සත්ව ලෝකේ වගේ තමයි මහත, උස උන් පොඩිඋන් ඇදල දාල මුලින්ම වතුර බොනවා,ඊ ළගට උන්ගේ නංගිලා මල්ලිලා (පවුල් පාලනේ වගේ තමා) ඊටත් පස්සේ අපිවගේ පොඩිඋන් වතුර බොනවා. රබර් වත්තෙන් ගලාගෙන එන ඇලේ වතුරත් සීතලයි, ඒකෙන් තමයි අපි මුහුණ සෝදා ගන්නේ, ඒ වතුර බීවොත් නම් අම්ම කියනවා වගේ බඩ යන්ඩ හැදිලා ඉස්පිරිතාලේ නවතින්ඩ වෙයි, මොකද ඉස්කෝලෙට උඩින් තියන රබර් වත්තේ වැඩකරන මිනිස්සු වැඩ කරන වෙලාවට හදිස්සියක් උනාම කක්කුස්සි කරන්නේ ඇල අද්දර, ඊට පස්සෙ ඇලට බැහැල සෝද ගන්නවා,
පස්සෙන් පහු ලොකු වැහි ඇල්ලක් ආවම ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිවුව වගේ ඔක්කොම ජරාව රබර් වත්තේ කාණු දිගේ ඇවිත් ඇලට එකතුවෙලා ඉස්කෝලේ මායිම දිගේ පල්ලම් බහිනවා. වැස්සෙන් පස්සේ වතුර බොරපැහැ ය නැති උනත් විසබීජ නැති වෙන්නේ නැ.
ඔය ඉස්කෝලේ ඇලේ අනික් පැත්තේ ඉන්නේ අපේ පන්තියේ මගෙ හොදම යාලුවෙක්, හතරේ පන්තියෙදි තමයි අපි හොදටම යාළු වෙන්නේ නම උපුල් ඒත් මිනිහ එක අවුරුද්දක් පේල් වෙලා නිසාත් උන්ගේ ගෙදර කට්ටිය කියන නිසාත් මමත් කියන්නේ චිනි අයිය කියල, ඉස්සර දැන්වගේ ටියුසන් පංති නැති නිසා ඉස්කෝලෙන් පස්සේ ගොඩක් වෙලාවට අපි එකතුවෙලා එකේක සෙල්ලං කලා.
එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා මේ ළමයිට එහෙමයි අම්මල තාත්තලා කියන්නේ, ඔන්න එක පාරක් අපිට හැදුන මාළු පිස්සුව, ඒකියන්නේ මාළු ඇතිකිරීමේ පිස්සුව, දැන්වගේ හැම ටවුමකම මින්මැදුරු තිබුණේ නැති ඒ කාලෙ අපි ඇලට ගිහිං මාළු අල්ලන් එන්ඩ තීරණය කළා. ඒත් මාළු දාන්ඩ ටැංකියක් කෝ

ඊ ළග පොස්ටුවෙන් මාළු ටැංකිය ගැනත් මාළු අල්ලපු විදිහත් බලමු.

33 comments:

  1. හොදින් කියන්නේ..පොර කුකුලෙක් එවන්න කලින් ෆලෝ කරන ගැජට් කෑලි ටික දාගනින් නැත්නම් ආපු එවුන් ආයේ එනේකම් නෑ මේ පැත්තේ... දන්නේ නැත්නම් අහපිය පුලුවන් විදියට කියලා දෙන්නම..

    ReplyDelete
    Replies
    1. දැන් හරිනේද? ඔය දකුණු අත පැත්තේ තියෙන්නේ. පේන්නේ නැත්නම් කියන්ඩෝ

      Delete
    2. හරි හරි අර ජොයින් සයිට් කියන ගැජට් කෑල්ලත් එල්ල ගන්න..

      ගං කුකුලෙක් තමයි නේ.. දිගටම ලියමු.
      අපේ සිංඩියටත් දාගත්තා.. කටුසු කිව්වා වගේ අන්තරස්දාන වෙන්න එපා..

      Delete
  2. මොන මගුල නැතිවුනත් දිගටම ලියපන්.පෝස්ට් 5-6ක් දාලා අතුරුදහන්වෙන බ්ලොග්කාරයෙක් වෙන්නනම් එපා.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. තැන්කු කටුසු, තව පටන්ගත්තා විතරයි. දැන් ඵලොවර් එක හරිනේද?

      Delete
    2. *ක හරි ඵලෝවරේ කියන්නෙ ඔය ලබ්බට නෙවී කුකුළො

      Delete
    3. දැන් මේක හදන්ඩ ගිහිං මගේ හොටත් පැටළුනා, තව පාරක් ට්‍රයි කරන්නම්. සුද්ද කිඋවේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියලනේ. හික් හික්.

      Delete
  3. ඔය වගේ උල්පත් වතුර බොන්නම කාලයක් මාත් රබර් වත්තකට ගියා ඒ තාත්ත එක්ක කිරි කපන්න.
    කිරි කපල අකුලල කරල කාරිය ඉස්ටෝරුවට ඇරං එනානෙ එතන පාත පොඩි ළිදක් වගේකක් තිබ්බ. ඒකෙ අඩිය ගල් වතුර උනන්න තිබ්බෙ පොඩි උල්පතක් විතරයි ඒකත් කන්දෙන් දාපු බටේකිං ඇවිත් වැක්කෙරෙන්නෙ හෙහ්..
    මාර සීතලයි ඊටත් රබර් රහත් ටිකක් එනව හිහි

    LAYOUT>ADD A GADGET>mORE GADGET>FOLLOWERS
    අන්න ඒකටයි ෆලෝවර් ගැජට්ටුව කියන්නෙ කුකුළො
    හැක්

    ReplyDelete
    Replies
    1. තැන්කු ඔයාට, තව පොඩ්ඩෙන් වරිගේ නහගන්නවා.

      Delete
  4. //එරංග ආ වතුර බෝතලේ මටත් ටිකක් ඉතුරු කරපන්, මම කියනවා,
    ආයේ ලබන ආත්මේ කෑදැත්තෙක් වෙන්නේ මොකටද......!!!.//

    එක මරු...හිකිස්...ආයේ මොකටද කෑදැත්තෙක් වෙන්නේ....
    ජය වේවා කුකුල්...!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුති දිගටම එන්ඩ ඕනේ...

      Delete
    2. ලබන ආත්මේ කෑදැත්තෙක් වෙන එක මොකද්ද අවුල? දැනටමත් කුකුලෙක් වෙලානේ??

      Delete
    3. හයියෝ සල්ලි කිව්වලු, මට ඔයා කියනකම්ම ඕක අමතක උනා.
      හි .....හි

      Delete
  5. මරැ මරැ කුකුලෙක් විතරයි මදිවට හිටියේ...දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. පුංචි උත්සාහයක් ගත්තේ,
      ස්තුති පැමිණියාට.

      Delete
  6. කුක්කු කූක් කූක්...ආසාවෙන් කියෙව්වා කුකූ.....

    ReplyDelete
    Replies
    1. තැන්කු බොස් දිගටම එන්න.

      Delete
  7. කුක්කු කූක් කූක්...ආසාවෙන් කියෙව්වා කුකූ.....

    ReplyDelete
    Replies
    1. ලැප් පොජ්ජෙන් තමා ඉතින්...:D

      Delete
    2. ඩබල් වැදිලා ඒකයි ඇහුවේ.

      Delete
  8. දිගටම ලියන්න ලැබෙන්න කියලා සුබ පතනවා මචෝ...

    ReplyDelete
  9. එකම සිංඩියක්වත් ඔබ හරියට එල්ලගෙන නෑ කුකුලෝ.. http:// එකක් විතරක් දාගන්න. හරියට වැටුනද බලන්න පින්තූරයට කොටන්න එතකොට සිංඩියට යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හයියෝ මටමයි වෙන්නේ. ඔත්තුවට ගොඩක් තැන්කුයි.

      Delete
    2. දැන් අලි නේ?

      Delete
  10. කුකුලො. ඉතුරු ටිකත් ලියහංකො බලන්න. මේ කෙකරගාන කාලෙට කලින් කතාවක් නේ?

    ReplyDelete
    Replies
    1. ආවට තැන්කු. ඉක්මණට ලියන්නම්.

      Delete
  11. සිංහ මචං තමා පාර පෙන්නුවේ...... අගෙයි කුකුලෝ........... අැත්තට ම සතුටුයි..... බ්ලොගය සුපිරියි...... දිගට ම යමු.....

    අපේ සින්ඩියටත් අනවසරයෙන් ම බ්ලොගය දාගත්තා.... කමක් නැහැනේ....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම සන්තෝසයි කුකුල්කොටුව පැත්තේ ආවට, තැන්කු මාව ඇඩ් කොර ගත්තට.මමත් එල්ලගන්නම් කො.

      Delete
  12. උඹ අර දෙක කොටසේ උඩින්ම පළවෙනි කොටස එන්න දාලා තියෙන ලින්ක් එක ආපහු ඒකටමයි යන්නේ. මම ආවේ අනිත් පාරෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දේම කරනවා සිරී පාදේ යනකොට හම්බවෙන දියපාරවල් වලටත් වන්දනාකාරයෝ. පුදුම ආත්මාර්තකාමී කමක් ඒක.

      Delete
  13. මාත් දවසක් ඔහොම ඇලකිං වතුර බිව්ව බං. ලෝකාන්තෙ යද්දි. ඒ බීම කොච්චර හිතට ඇල්ලුවද කියතොත්, මං ඒක ගැන පොඩි සඳහනකුත් කළා. (http://drackey.blogspot.com/2013/09/11.html)

    ReplyDelete